Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ආරම්භවූ නුගේගොඩ ශා. ජෝන් විදුහල සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර 21 වැනි වරටත් පැවැත්වෙන ‘ජයවර්ධනපුර හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින ආනන්ද ශාස්ත්‍රාලය කඩුලු 4 ක් දැවී ලකුණු 127 ක් රැස්කිරීමට සමත්විය.
සොනාර කරුණාතුංග අර්ධ ශතකයක් (51) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.
කාසියේ වාසිය දිනාගත් ආනන්ද ශාස්ත්‍රාලය පළමුව පන්දුවට පහරදීම සදහා නුගේගොඩ ශා. ජෝන් විදුහලට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 110 ක් පමණි. දිනුජ ගීත් ලකුණු 48 ක් රැස්කළ අතර හංසක සාලින්ද ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශා. ජෝන් විදුහල - පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී ලකුණු 110
(දිනුජ ගීත් 48, හංසක සාලින්ද 30/4, තිමිර මල්ෂාන් 14/2, සඳරු වික්‍රමරත්න 17/2)
ආනන්ද ශාස්ත්‍රාලය - පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 127
(සොනාර කරුණාතුංග 51, තිමිර මල්ෂාන් 27, බිම්සර අවිනාශ් 21)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.