Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගයට කොළඹ ආනන්ද විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල සුදුසුකම් ලබා සිටිති.
ආනන්ද විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයෙන් ආනන්ද විදුහල පළමු ඉනිමේ ජය ලබා අවසන් මහ තරගයට පැමිණියේය.
මග්ගොනදී පැවැති අවසන් පූර්ව තරගයේදී ගාල්ල රිච්මන්ඞ් විදුහල් පිල කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජය ලබා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
අවසන් මහ තරගය සිංහල අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට නියමිතය.
● මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
තර්ස්ටන් විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 289
(නිපුන් ලක්‍ෂාන් 77, යෙෂාන් වික්‍රමාරච්චි 47, ප්‍රගීෂ මෙන්ඩිස් 22, සවන් ප්‍රභාස් නොදැවී 73, අවිඳු තීක්‍ෂණ 78/5, සඳුන් මෙන්ඩිස් 72/4)
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම කඩුලු 9 ට 292
(අදිත්‍ය සිරිවර්ධන 112, තවීෂ අභිෂේක් 42, ධනංජය ලක්‍ෂාන් 32, සඳුන් මෙන්ඩිස් 29, කසුන් තාරක 25, තුෂාල් අදිත්‍ය 111/4, නවීන් ගුණවර්ධන 63/3)
● මුවර්ස් ක්‍රීඩාංගණයේදී
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 211
(ශිවාන් පෙරේරා 68, රන්මිත් ජයසේන 42, සන්තුෂ් ගුණතිලක 20, චතුර ඔබේසේකර නොදැවී 22, දිලීප ජයලත් 33/2, චාමික ගුණසේකර 35/2, අසෙල් සිගේරා 36/2, සම්මු අෂාන් 41/2)
ආනන්ද විදුහල පළමු ඉනිම කඩුලු 9 ට 223
(කමේෂ් නිර්මාල් 52, අසෙල් සිගේරා 43, සුපුන් වරාගොඩ 33, ළහිරු හිරංජ 26, සහන් සුරවීර 24, කලන විජේසිරි 20, සන්තුෂ් ගුණතිලක 47/4, මනිල්ක ද සිල්වා 67/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.