‘පේ‍්‍රමදාස’ අසුන් පිට යෑමේ පුහුණු පාසල විසින් මෙහෙයවනු ලබන අශ්වයන් පුහුණු කිරීමේ තරගාවලියක් මේ මස 31 වැනිදා නුගේගොඩ, 11/12 මෙල්ඩර් පෙදෙස පුහුණු පාසල් පරිශ‍්‍රයේදී පැවැත්වේ.
තරගාවලිය පස්වරු 3.00 ට ආරම්භ වන අතර ‘පේ‍්‍රමදාස’ අසුන් පිට යෑමේ පුහුණු පාසල, ගුරුතලාව ශාන්ත තෝමස් විදුහල සහ වික්ටෝරියා සැඞ්ල් කී‍්‍රඩා සමාජය නියෝජනය කරන වයස අවුරුදු 7 ට වැඩි තරගකරුවන්ට ඒ සඳහා සහභාගී විය හැකිය.
අසුන් පිට යෑමේ කී‍්‍රඩාව දිවයිනේ ක‍්‍රම ක‍්‍රමයෙන් නැගී එන කී‍්‍රඩාවක් ලෙස හැදින්විය හැකි අතර ඒ තුළින් මිනිසා සහ අශ්වයා අතර ඇති වන අන්‍යෝන්‍ය සම්බන්ධතාව මනාව පිළිබිඹුවේ.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.