ඉන්දියාවට එරෙහිව අද (06 වැනිදා) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එකම විස්සයි20 තරගය සදහා නම් කළ සංචිතයේ සිටින මිලින්ද සිරිවර්ධන ආබාධයකට ලක්විම හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක අෂාන් ප්‍රියංජන් සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.
කොන්දේ සහ කළවා ප්‍රදේශයේ ඇදිමක් හේතුවෙන් ඇතිවූ ආබාධයක් පිළිබඳව දන්වා සිටීම හේතුවෙන් තරගයට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට පෙනී සිටීමට මිලින්ද සිරිවර්ධනට සිදුවනු ඇත.
එක්දින තරගාවලියේ ලතුණු අතර සිටි පිතිකරුවන් කිහිපදෙනා අතරින් එක් අයකුවූ මිලින්ද සිරිවර්ධනට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවකි.
28 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අෂාන් ප්‍රියංජන් ජාත්‍යන්තර එක්දින තරග 23 කට සහභාගීවී සිටියද ජාත්‍යන්තර විස්සයි20 තරගයට සහභාගීවී නැත.
වසර දෙකකට පෙර පාකිස්තානයත් සමගින් පැවැති එක්දින තරගාවලියකදී අෂාන් ප්‍රියංජන් අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත. ඊයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් පුහුණුවීම් කටයුතු අත්හිටුවීමට සිදුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.