Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවිශ්ක - වැන්ඩි විස්සයි-20 සංචිතයට
බංග්ලාදේශ සංචාරය

අවිශ්ක - වැන්ඩි විස්සයි-20 සංචිතයට

editorial - 2024 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ ඇතුළත් කර තිබේ. පාදයේ කළව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් පැතුම් නිස්සංක තරගාවලියට එක් නොවන අතර ඔහුගේ ස්ථානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිව ඇත. 

ජෙෆ්රි වැන්ඩසේ සංචිතයට එක්ව සිටින්නේ නායක වනිඳු හසරංග තරග දෙකක තහනමකට ලක්වීම හේතුවෙනි. 

වනිඳු හසරංග පළමු තරග දෙකේදීම ක්‍රීඩා නොකරන බැවින් එම තරග දෙකේදී චරිත් අසලංක විස්සයි-20 කණ්ඩායම මෙහෙයවනු ඇත. 

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී සාර්ථක ලකුණු රැස්කිරීමක නිරත වූ පැතුම් නිස්සංක, දඹුල්ලේදී පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී කලව මස්පිඬුවේ ආබාධයකට ලක්විය. පසුගිය ඉරිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති තර්ස්ටන් - ඉසිපතන මහ ක්‍රිකට් තරගය අවසානයේ පැවැති උත්සවයකට පැතුම් නිස්සංක පැමිණියේත් අපහසුවෙනි. 

නිස්සංකගේ ස්ථානයට පැමිණි අවිශ්ක ප්‍රනාන්දු අවසන් වරට විස්සයි-20 තරගයකට සහභාගි වූයේ පසුගිය වසරේ (2023) ජනවාරි මාසයේදී ඉන්දියාවට එරෙහිව රාජ්කොට්හිදීය. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 29 වැනිදා (හෙට) බංග්ලාදේශය බලා පිටත්ව යන අතර දෙරට අතර පළමු තරගය මාර්තු 04 වැනිදා ශිලාත් නුවරදී පැවැත්වෙයි. 

- 213


අදහස් (0)

අවිශ්ක - වැන්ඩි විස්සයි-20 සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.