Last Update  :  2025-11-06 11:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් වටයට කණ්ඩායම් 56 ක්

අවසන් වටයට කණ්ඩායම් 56 ක්

editorial - 2025 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ )

අන්තර් පාසල් සමපෝෂ කුසලාන වයස 14 න් පහළ පාපන්දු  (බාලක - බාලිකා) තරග මාලාවේ අවසන් වටය ලබන දෙසැම්බර් 5 -6 -7 යන දිනවල ගාල්ල දඩල්ල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ඒ සදහා දිස්ත්‍රික් (මූලික) වටයෙන් නිර්දේශ ලබා ගන්නා බාලක කණ්ඩායම් 32 ක් හා බාලිකා කණ්ඩායම් 24 ක් සහභාගි වේ.

බාලක කණ්ඩායම් 510 කගේ හා බාලිකා කණ්ඩායම් 110 කගේ සහභාගිත්වයෙන් පසු ගිය ඔක්තෝබර් 21 වැනිදා ආරම්භ කළ තරගාවලියේ දිස්ත්‍රික් (මූලික) වටය නොවැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වේ. සමපෝෂ සන්නාමය යටතේ සී බී එල් ෆ්ලේන්ටි ෆුඩ්ස් (පෞද්ගලික) ආයතනය මෙවරත් තරගාවලියට අනුග්‍රාහය දක්වයි.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ ප්‍රධාන ලේකම් නාලක දිසානායක මහතා පැවැසුවේ තරගාවලියේ අවසන් මහ තරග ලබන දෙසැම්බර් 13 වැනිදා කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි. එහිදී දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවත් එමෙන්ම දක්ෂතම දැල් රකින්නා හා රකින්නිය සදහාත් විශේෂ සම්මාන ප්‍රදානය කිරීමටත් කටයුතු යොදා තිබේ.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සීබීඑල් ෆ්ලේන්ටි ෆුඩ්ස් ආයතනයේ ආහාර අංශයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මංජුල දහනායක මහතා පැවැසුවේ මෙම තරගාවලියට සමපෝෂ අනුග්‍රාහය ලබාදීමෙන් සිය ආයතනය රටේ පාපන්දු ක්‍රීඩාවට පමණක් නොව එයින් ගොවි ආර්ථිකයට දායක වීමෙන් ප්‍රධාන අරමුණු දෙකක් ඉටු කර ගන්නා බවයි.

 

තරගාවලියට 14 වැනි වරටත් සමපෝෂ සන්නාමය යටතේ අනුග්‍රාහය දක්වන සීබීඑල් ෆුඩ්ස් ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී මංජුල දහනායක මහතා ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති යූ.එස්.ඒ.බන්ඩාර ලීලාරත්න මහතාට අනුග්‍රාහය නිල වශයෙන් ප්‍රදානය කළ අයුරු. එහි ලේකම් නාලක දිසානයක, භාණ්ඩාගාරික එන්.එන්.කුලතුංග, සී බී එල් ෆුඩ්ස් කළමනාකරු ( ධාන්‍ය නිශ්පාදන - වර්ගීය) රොෂෙල් පෙරේරා, සාමාන්‍යාධිකාරී - (අලෙවි) සචී පෙරේරා, ප්‍රවර්ධන හා ක්‍රියාකාරී (ජ්‍යෙෂ්ඨ) කළමනාකරු සිසිර ගුණවර්ධන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) ජේ.එන්. ප්‍රභාත් ඉන්දික යන මහත්ම මහත්මීහු ද ඡායාරූපයේ වෙති.


අදහස් (0)

අවසන් වටයට කණ්ඩායම් 56 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.