Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් බාලිකා කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉකුත් වසරේ ශූරියන් වූ රත්ගම දේවපතිරාජ සහ ඉකුත් වසරේ අනු ශූරියන් නුගේගොඩ අනුලා, ඔක්කම්පිටිය විජයබාහු විදුහල් සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි කන්‍යාරාමය සමත් වෙයි.
අර්ධ අවසන් පූර්ව වටයේදී කුලියාපිටිය ශූද්ධ වූ සුරදූතියන්ගේ බාලිකා පාසල ලකුණු 99 කින් පරාජය කරමින් දේවපතිරාජ විදුහලද, එප්පාවල ශී‍්‍ර සිද්ධාර්ථ විදුහල ලකුණු 54 කින් පරාජය කරමින් අනුලා විදුහලද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
විජයබාහු විදුහල සහ ශාන්ත අන්තෝනි කන්‍යාරාමය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ පිළිවෙලින් නුගවෙල මැදි විදුහල ලකුණු 69 කින්ද, කොළඹ ගෝතමී බාලිකා විදුහල කඩුලූ 6 කින්ද පරාජය කරමිනි.
අවසන් පූර්ව වටයේදී දේවපතිරාජ විදුහලට එරෙහිව ශාන්ත අන්තෝනි කන්‍යාරාමයද, අනුලා විදුහලට එරෙහිව ඔක්කම්පිටිය විජයබාහු විදුහලද තරග වැදීමට නියමිතය. මෙම තරග දෙකම ජනවාරි මස 23 වැනිදා කැම්බල් පිටියේදී පැවැත්වේ. අවසන් මහ තරගය 24 වැනිදා කැම්බල් පිටියේදීම පැවැත්වීමට නියමිතය.
රත්ගම දේවපතිරාජ විදුහලට ලකුණු 99 ක ජයක්
දේවපතිරාජ විදුහල - ඕවර 25 කදී කඩුලූ 7 කට 161
(උමේෂා තිමේෂානි 44, සත්‍යා සංදීපනී 40, සයනි කුලරත්න 18/2)
ශූද්ධ වූ සුරදූතියන්ගේ බාලිකා පාසල - ඕවර 25 කදී කඩුලූ 9 කට 62
(සයනි කුලරත්න 25, සුලිෂා සත්සරණි 5/2, සචිනි නිසංසලා 9/2)
නුගේගොඩ අනුලා විදුහලට ලකුණු 54 ක ජයක්
අනුලා විදුහල - ඕවර 25 කදී කඩුලූ 9 කට 145
(අමල්කා දිල්ෂානි 67, හිමාෂා සෙව්වන්දි 30, හර්ෂිතා සමරවික‍්‍රම 18, නිපුනි සත්මලී 14/2, ශානිකා ඒකනායක 29/2)
ශී‍්‍ර සිද්ධාර්ථ විදුහල - ඕවර 20.4 කදී සියලූ දෙනා දැවී 91
(චමනි පි‍්‍රයංගිකා 23, ශානික ඒකනායක 22, කල්පනී චතුරිකා 14, අමාෂා දිල්හානි 3/3, අචිනි ගුණවර්ධන 15/2)
ඔක්කම්පිටිය විජයබාහු විදුහලට ලකුණු 69 ක ජයක්
විජයබාහු විදුහල - ඕවර 25 කදී කඩුලූ 5 කට 143
(අචිනි ලසන්ති 57, ඉසංකා මධුෂානි 27)
නුගවෙල මැදි විදුහල - ඕවර 17.3 කදී සියලූ දෙනා දැවී 74
(මදාරා සමරකෝන් 27, නවෝදා කාවින්දි 14/2, අයේෂා ප‍්‍රසාදිනි 24/2)
කටුගස්තොට ශාන්ත අන්තෝනි කන්‍යාරාමයට කඩුලූ 6 ක ජයක්
ගෝතමී බාලිකා විදුහල - ඕවර 25 කදී කඩුලූ 8 කට 84
(මදුෂිකා විජේසිංහ 38, සචිනි දයාරත්න 12/3)
ශාන්ත අන්තෝනි කන්‍යාරාමය - ඕවර 23.4 කදී කඩුලූ 4 කට 85
(සක්තියා දසනායක නොදැවී 27, රුවිනි නවරත්න නොදැවී 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.