Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අර්ධ මැරතන් තරගමාලාව අද

අර්ධ මැරතන් තරගමාලාව අද

editorial - 2022 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් තරගමාලාවට අනුග්‍රහය දක්වන නේස්ලේ ලංකා සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති බන්දුල එගොඩගේ මහතා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාට එම අනුග්‍රහය නිල වශයෙන් ප්‍රදානය කළ අයුරු.  එම සමාගම් උපසභාපති රුවන් වැලිකල, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්. රණසිංහ, අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) දයා බණ්ඩාර, අතිරේක ලේකම් හේමන්ත  ප්‍රේමතිලක යන මහත්වරු ද මෙහි වෙති.

 

(නාමල් පතිරගේ)

වසර දෙකක්  දක්වා ඇණහිට තිබූ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මෙම වසරට  පැවැත්වීමේ ආරම්භය ලෙස සමස්ත ලංකා පාසල් ‘නෙස්ලේ නෙස්ටමෝල්ට්’ අර්ධ මැරතන් තරගමාලාව අද (8) ගම්පහ නගරය හා අවට කේන්ද්‍ර කර ගනිමින්  පැවැත්වේ.

ඒ සඳහා බාලක බාලිකාවන් 1200 දෙනකු පමණ සහභාගිවීමට නියමිතය. මීට සමගාමිව පැවැත්වෙන බස්නාහිර පළාත් අර්ධ මැරතන් තරගාවලිය සඳහා එක්වන බාලක බාලිකාවන් ගණන 600කි.

කොවිඩ් වසංගතයේ හා රට තුළ පසුගිය කාලය පුරා උද්ගතවූ අස්ථාවරතාවයන් හමුවේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පසුගිය වසර දෙකක් (2020-21) පුරා නොපැවැත්විණි.

කෙසේ වුවත් මෙවර ක්‍රීඩා උළෙල ක්‍රීඩා ඉසව් 32කින් සමන්විතව අදියර හතරකින් දිවයිනේ ක්‍රීඩාංගණ ගණනාවක දී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

 එහි ප්‍රධාන ක්‍රීඩා ඉසව්ව වන මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ලංකා තරග වටය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් 16 සිට 20 වැනිදා දක්වාය. බාලක බාලිකාවන් 3500ක් පමණ ඒ සඳහා සහභාගිවීමට නියමිතය.

නෙස්ලේ ලංකා සමාගම නෙස්ටමෝල්ට් සන්නාමය යටතේ මෙවර අර්ධ මැරතන් තරග මාලාවට අනුග්‍රහය දක්වයි. එහිදී ජයග්‍රාහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම්, සහතික පත්‍ර හැරෙන්නට මුදල් ත්‍යාග ද ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

වසර දෙකක් තිස්සේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නොපැවැත්වීමෙන් මෙරට පාසල් සිසු ප්‍රජාවට සිදුවූ ලොකුම පාඩුව වූයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සිසුන්ට එහි ජයග්‍රහණ වෙනුවෙන් පිරිනමන  ප්‍රසාද ලකුණු අහිමිවීමයි.


අදහස් (0)

අර්ධ මැරතන් තරගමාලාව අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.