Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රූපවාහිනී විකාශන අයිතිය පිළිබඳව ගැටලුවක් මතුවීම නිසා ලබන පෙබරවාරි මස මුල සතියේ ආරම්භවීමට නියමිතව තිබූ අයර්ලන්ත ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් මාසය දක්වා කල්දැමීමට පියවර ගෙන තිබේ.
මෙම සංචාරයට ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ටෙස්ට් තරගයක් පමණක් ඇතුළත්ව තිබිණ. පෙබරවාරි මස 1 වැනිදා අයර්ලන්ත පිල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේ ගිවිසුම අත්සන් කරන විට අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිව නොතිබුණි. ඒ හේතුවෙන් අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය එම ගිවිසුමට ඇතුළත් නොවීය. මෙම තත්ත්වය හමුවේ එම තරගයේ රූපවාහිනී විකාශය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පැනනැගීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළඹ තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ අයර්ලන්ත සංචාරය ලබන අප්‍රේල් මාසයේදී කෙරෙන බවයි.
“අපේ දැන් පවතින රූපවාහිනී ගිවිසුම ලබන මාර්තු මස අවසන් වෙනවා. අපි මේ වන විට රූපවාහිනී විකාශන අයිතිය අලුතින් අළෙවි කිරීමට ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ. අලුත් ගිවිසුමට ඇතුළත් තරගයක් ලෙස ශ්‍රී ලංකා - අයර්ලන්ත තරගය ඇතුළත් කරලා තියෙන්නේ”
“නව ගිවිසුම යටතේ මෙම ටෙස්ට් තරගය පවත්වන්න පුළුවන්” යැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.