Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය ඊයේ (19 වැනිදා) සමත්විය. මෙම තරගය කෝල්ට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් ශතකයක් (101) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අයන සිරිවර්ධන ලකුණු 10 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූයේය. ශමිල්ක වික්‍රමතිලක අර්ධ ශතකයක් (71) ලබාගත් අතර සංජුල බණ්ඩාර ලකුණු 35 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ඩි.එස්.සේනානායක විද්‍යාලයේ විහාන් ගුණසේකර (70) සහ මුදිත ලක්ෂාන් (54) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.
ඉසිපතන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 77.1 කදී සියලුදෙනා දැවී ලකුණු 278
(අයන සිරිවර්ධන 101, ශමිල්ක වික්‍රමතිලක 71, ලෙශාන් අමරසිංහ 39, සනදරු චන්දිත 20/2, රුවින් පීරීස් 20/2)
ඩි.එස්.සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 50.4 කදී සියලුදෙනා දැවී ලකුණු 118
(රුවින් පීරීස් 28, සංජුල බණ්ඩාර 35/5, අයන සිරිවර්ධන 10/2, ළහිරු ඩිල්ශාන් 11/2)
ඩි.එස්.සේනානායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 53 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 183
(විහාන් ගුණසේකර 70, මුදිත ලක්ෂාන් 54, ඊශාන් ප්‍රනාන්දු 21/2, මදුශික සඳරුවන් 38/2, ළහිරු ඩිල්ශාන් 38/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.