දෙවැනි වරට සංවිධානය කරන අන්තර්ජාතික කි‍්‍රකට් ප‍්‍රධාන ලීග් තරගාවලිය (අයි.සී.පී.එල්.) ලෙස හදුන්වන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය හෙට (13) කොළඹදී ආරම්භ වේ. තරගාවලිය මේ මස 19 වැනිදා දක්වා පැවැත්වේ.
තරගාවලියේ සමාරම්භක උත්සවය පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද පෙරවරු 9.00 ට පැවැත්වේ. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය හලාවත මේරියන්ස් පිල සහ ජෝයි බංග්ලා පිල අතර අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. තරගාවලියට විදේශ කණ්ඩායම් පහක් සමග කණ්ඩායම් හයක් සහභාගි වෙයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හලාවත මේරියන්ස් පිල මෙම තරගාවලියට සහභාගි වන අතර විදේශ කණ්ඩායම් වන ඒ.ඒ.එන්. ස්පෝට්ස්, අලීස් වෝරියර්ස්, ජෝයි බංග්ලා, වයි.සී.ඒ. බහරේන් සහ බැංගලෝර් ස්ටාර් යන කණ්ඩයෙම් තරගාවලියට එක්ව සිටියි.
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා මෙම තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කරයි. තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී මේ මස 19 වැනිදා පස්වරුවේ පැවැත්වේ.
ඉන්දියාවේ ප‍්‍රධානතම ප‍්‍රධානතම සංචාරක ආයතනයක් වන අලී ටුවර්ස් ඇන්ඞ් ට‍්‍රැවල්ස් සමාගම මෙම තරගාවලිය සංවිධානය කරයි.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.