Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අම්රිතා අවසාන මහා තරගයට සුදුසුකම් ලබයි

අම්රිතා අවසාන මහා තරගයට සුදුසුකම් ලබයි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ කාන්තා කේවල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අම්රිතා මුත්තයියා ඊයේ (21 වැනිදා) සමත්වූවාය.

ජාතික ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ කී‍්‍රඩිකාව වන අම්රිතා, ඊයේ පැවැති අවසන් පූර්ව තරගයකදී ශ්‍රේණිගත කිරීම් වල 6 වැනි ස්ථානයේ පසුවන මේදිරා සමරසිංහ හමුවේ තරග වට 2-0 ක පහසු ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තාය.

පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස ගවේෂිණී අබේගුණවර්ධන පරාජය කළ අම්රිතා, අර්ධ අවසන් පූර්ව වටයේදී සඳනි ප‍්‍රනාන්දු හමුවේ නිතරග ජයක් ලබමින් විවෘත කේවල තරගයේ ඉදිරියට පැමිණියාය.

තිසුරි මොල්ලිගොඩ සහ තෙව්නි දේවරාජා අතර පැවැති අවසන් පූර්ව තරගය වර්ෂාව ඇද හැළීම නිසා අතර මඟ නතර කිරීමට සිදුවිය. එම තරගය නතර කරන විට තරග වට 1-1 ක් ලෙස දෙදෙනාම සම තත්ත්වයේ පසුවිය.

ඒ අනුව අතර මඟ නතර කරන ලද අවසන් පූර්ව තරගය අද (22 වැනිදා) පෙරවරු 8.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එම තරගයෙන් ජයගන්නා ගන්නා කී‍්‍රඩිකාව සහ අම්රිතා මුත්තයියා අතර පැවැත්වෙන අවසන් මහා තරගය හෙට (23 වැනිදා) පැවැත්වීමට නියමිතය.


විවෘත අංශයේ කාන්තා කේවල අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල

  • අම්රිතා මුත්තයියා විසින් තරග වට 2-0 ක් ලෙස මේදිරා සමරසිංහ පරාජය කරන ලදි. (6/3, 6/1)
  • තිසුරි මොල්ලිගොඩ සහ තෙව්නි දේවරාජා අතර තරගය වර්ෂාව නිසා අතරමැද නතර කරන ලදි. (5/7, 6/4, 5/3)

 


අදහස් (0)

අම්රිතා අවසාන මහා තරගයට සුදුසුකම් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.