ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ කාන්තා කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අම්රිතා මුත්තයියා, මේදිරා සමරසිංහ, තිසුරි මොල්ලිගොඩ සහ තෙව්නි දේවරාජා යන කී‍්‍රඩිකාවෝ ඊයේ (19 වැනිදා) සමත්වූහ.
ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී අම්රිතා මුත්තයියා හමුවේ සඳනි ප‍්‍රනාන්දුද, මේදිරා සමරසිංහ හමුවේ නිලූෂි ප‍්‍රනාන්දුද, තිසුරි මොල්ලිගොඩ හමුවේ රොෂෙන්කා ප‍්‍රනාන්දුද, තෙව්නි දේවරාජා හමුවේ නෙත්මි වඩුගේද පරාජයට පත්වූහ.
අම්රිතා මුත්තයියා සහ තෙව්නි දේවරාජා යන කී‍්‍රඩිකාවන් ජාතික ශ්‍රේණිගත කිරීම් වල තමන්ට වඩා පහළින් රැදී සිටින කී‍්‍රඩිකාවන් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර මේදිරා සමරසිංහ සහ තිසුරි මොල්ලිගොඩ යන කී‍්‍රඩිකාවන් ශ්‍රේණිගත කිරීම් වල තමන්ට වඩා ඉහළින් රැදී සිටින කී‍්‍රඩිකාවන් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයේදී අම්රිතා මුත්තයියා සමගින් මේදිරා සමරසිංහ තරග වදින අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී තිසුරි මොල්ලිගොඩ සමගින් තෙව්නි දේවරාජා තරග වැදීමට නියමිතය.
විවෘත අංශයේ කාන්තා කේවල අර්ධ අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.