Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අනෝමා - ඉන්දික මෝටර් රථ දිනාගනිති

අනෝමා - ඉන්දික මෝටර් රථ දිනාගනිති

ශනුක අරවින්ද - 2013 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ සුපිරි ත්‍යාගය වන මෝටර් රථය මලල කී‍්‍රඩාවෙන් එකම ශ්‍රී ලංකා වාර්තාව පිහිටවූ අනෝමා කරුණාවංශ විසින් දිනාගන්නා ලදි. අනෝමා කරුණාවංශ රිටි පැනීමේ කී‍්‍රඩිකාවක වන අතර බර ඉසිලීමේ තරගාවලියේදීද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූ ඉන්දික දිසානායකටද විශේෂ ත්‍යාගයක් ලෙස මෝටර් රථයක් ප‍්‍රදානය කෙරිණ.

බර ඉසිලීමේ ක‍්‍රීඩක ඉන්දික දිසානායකට මෝටර් රථයක් තෑගි ලෙස ප‍්‍රදානය කෙරුණේ මෙවර ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ පිහිටවූ සියලූ නව ශ්‍රී ලංකා වාර්තා අතරින් එය හොඳම දක්ෂතාව ලෙස සැලකිල්ලට ගනිමිනි.

ක‍්‍රීඩා උළෙලේ හොඳම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිව් දෙනාට යතුරුපැදි හතරක්ද පිරිනැමීමද ක‍්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අතින් කෙරුණි.

 

 

ඡයාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා


අදහස් (2)

අනෝමා - ඉන්දික මෝටර් රථ දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.