Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අනුගගෙන් ලකුණු 11 ට කඩුලු 5ක්
15 න් පහළ I වැනි කොටසේ ක්‍රිකට්

අනුගගෙන් ලකුණු 11 ට කඩුලු 5ක්

editorial - 2025 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත්විය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල  ක්‍රීඩාංගණයේ පැවැති මෙම තෙවැනි වටයේ තරගයේදී ගාල්ල මහින්ද විද්‍යාලය විසින් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේදී පරාජය කරන ලදි. 

ගාල්ල මහින්ද විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ නායක සෙනුජ වෙහාන් ලකුණු 64 ක් රැස් කළ අතර අනුග පල්ලියගුරු දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 11කට ශාන්ත සෙබස්තියන් පිලේ කඩුලු 5ක් දවාලීය.


ගාල්ල මහින්ද විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 8 ට 225 යි
(සෙනුජ වෙහාන් 64, ගෙසඳු බිසස් 36, සනුග නෙත්මිර 32, නිම්නාද දැහැන් 21, ජොහැනන් පෙරේරා 38/3)

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම 118 යි 
(පතිව් වෙහාන් 29, අනුග පල්ලියගුරු 11/5, යසස් පුන්සිසි 24/2)

 


අදහස් (0)

අනුගගෙන් ලකුණු 11 ට කඩුලු 5ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.