Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අනුක්, බිනුර ශී‍්‍ර ලංකා පිල දිනවති

අනුක්, බිනුර ශී‍්‍ර ලංකා පිල දිනවති

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ මැලේසියාව අතර ඊයේ (29 වැනිදා) අබුඩාබිහිදී පැවැති තරගයෙන් ලකුණු 255 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලකුණු 287 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය මැලේසියා කණ්ඩායමට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 32 ක් පමණි. මැලේසියා කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවෙන් ඔබ්බට යෑමට ශී‍්‍ර ලංකා පන්දුයවන්නන් ඉඩ නොදුන්හ.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මඳවේග පන්දුයවන්නන් දෙදෙනකු වන බිනුර ප‍්‍රනාන්දු සහ අනුක් ප‍්‍රනාන්දු මැලේසියා ඉනිම සුනුවිසුුණු කරමින් බිඳවැටුණ කඩුලූ 10 න් 7 කටම හිමිකම් කීහ. එහිදී බිනුර ප‍්‍රනාන්දු ලකුණු 12 කට කඩුලූ 4 ක්ද, අණුක් ප‍්‍රනාන්දු ලකුණු 11 කට 3 ක් දවාගනිමින් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය දිනූ මැලේසියා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම  ඕවර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 287 ක් රැස්කිරීමට සමත්විය.

ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල වෙනුවෙන් සදීර සමරවික‍්‍රම (55), පි‍්‍රයමාල් පෙරේරා (68) සහ තිලක්ෂ සුමනසිරි (59) අර්ධ ශතක රැස්කළ අතර සදීර සමරවික‍්‍රමගේ සහ පි‍්‍රයමාල් පෙරේරාගේ ඉනිම් වලට හතරේ පහර 6 බැගින්ද, තිලක්ෂ සුමනසිරිගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහරක්ද ඇතුළත්විය.

ශී‍්‍ර ලංකා ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරතවූ අනුක් ප‍්‍රනාන්දු පන්දු 15 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 41 රැස්කළේය.

ශ‍්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ඕවර 50 කදී කඩුලූ 6 කට 287
(සදීර සමරවික‍්‍රම 55, මිනෝද් භානුක 24, පි‍්‍රයමාල් පෙරේරා 68, තිලක්ෂ සුමනසිරි 59, රමේෂ් මෙන්ඩිස් නොදැවී 25, අනුක් ප‍්‍රනාන්දු නොදැවී 41, පවන්දීප් සිං 60/3)

මැලේසියා 19 න් පහළ කණ්ඩායම ඕවර 22.3 කදී සියලූදෙනා දැවී 32
(බිනුර ප‍්‍රනාන්දු 12/4, අණුක් ප‍්‍රනාන්දු 11/3)

036


අදහස් (0)

අනුක්, බිනුර ශී‍්‍ර ලංකා පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.