Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අනුක, මොරටු විද්‍යාලයේ බලාපොරොත්තු සුන්කරයි

අනුක, මොරටු විද්‍යාලයේ බලාපොරොත්තු සුන්කරයි

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ආරම්භවූ මොරටු විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර 65 වැනි වරටත් පැවැත්වෙන ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින පානදුර ශ්‍රී සුමංගල විදුහල කඩුලු 6 ක් දැවී ලකුණු 128 ක් රැස්කිරීමට සමත්විය.

මොරටු විද්‍යාලයට වඩා ලකුණු 7 ක වාසියක් ලබාගැනීමට ශ්‍රී සුමංගල විදුහල මේ වනවිට සමත්වී ඇත.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී සුමංගල විදුහල පළමුව පන්දුවට පහරදීම සදහා මොරටු විද්‍යාලයට ආරාධනා කළ අතර අනුක ජයසිංහගේ පන්දු යැවීම හමුවේ ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරතවූ අනුක ජයසිංහ ලකුණු 38 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

පිත්තෙන් දස්කම් දැක්වු නිශාන් මදුෂ්ක ලකුණු 60 ක් රැස්කරමින් මොරටු විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.


මොරටු විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 47.3 කදී සියලුදෙනා දැවී ලකුණු 121
(නිශාන් මදුෂ්ක 60, රයන් ද සොයිසා 27, අනුක ජයසිංහ 38/7, නිපුන දේශාන් 30/3)

ශ්‍රී සුමංගල විදුහල - පළමු ඉනිම - ඕවර 45 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 128
(පුලිත යසස් 24, නිපුන දේශාන් 23, සමිත් යසන්ත 20, නිරාජ් කවිෂ්ක 40/2, රශේන් කවිශ්ක 14/2)

 


අදහස් (0)

අනුක, මොරටු විද්‍යාලයේ බලාපොරොත්තු සුන්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.