මොරටුව තරුණ කි‍්‍රස්තියානි සංගමය සංවිධානය කළ කනිෂ්ඨ කැරම් තරගාවලියේ වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහලේ අන්නාස් අහමඞ් සමත්විය. සමුද්‍රදේවි බාලිකා විදුහලේ පවනි යසෝධා එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව දිනාගත්තාය.
කොළඹ, ගාල්ල, ගම්පහ, නුවර, කෑගල්ල, කළුතර, මොරටුව සහ රත්නපුර යන ප‍්‍රදේශ වල පාසල් නියෝජනය කරමින් තරගකරුවන් 170 කට වැඩි සංඛ්‍යාවක් සහභාගීවූ මෙම තරගාවලිය වයස අවුරුදු 15 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ 2 යටතේ පැවැත්විණ.
කොළඹ ඇල්ෆා ඉන්ඩ‍්‍රස්ටී‍්‍රස් ආයතනයේ අධ්‍යක්ෂක හා ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි දේශාන්ත සිල්වා, මොරටුව තරුණ කි‍්‍රස්තියානි සංගමයේ සභාපති බර්නාඞ් ප‍්‍රනාන්දු, කී‍්‍රඩා කමිටු සභාපති ජේ. එස්. ඒ ප‍්‍රනාන්දු, අධ්‍යක්ෂක නිමල් ඩයස්, ලේකම් සම්පත් ප‍්‍රනාන්දු යන මහත්වරුන් සහ මොරටු පුරවරයෙන් බිහිවූ හිටපු ජාතික තලයේ කැරම් ශූරයෝ මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගීවූහ.
19 පහළ වයස් කාණ්ඩය (බාලක)
ශූරතාව - අන්නාස් අහමඞ් (කොළඹ රාජකීය විදුහල)
අනුශූරතාව - ප‍්‍රමේධ මෙන්ඩිස් (මොරටුව වේල්ස් කුමර විදුහල)
19 පහළ වයස් කාණ්ඩය (බාලිකා)
ශූරතාව - පවනි යසෝධා (සමුද්‍රදේවි බාලිකා විදුහල)
අනුශූරතාව - ලිහිනි අන්ජලිකා (පන්නිපිටිය ධර්මපාල විදුහල)
15 පහළ වයස් කාණ්ඩය (බාලක)
ශූරතාව - දිනෙත් දුලක්ෂ (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල)
අනුශූරතාව - කවීන් නිමිනෙත් (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල)
15 පහළ වයස් කාණ්ඩය (බාලිකා)
ශූරතාව - ඊ. ඞී. එස්. නිරාශා (නුගේගොඩ මහමායා විදුහල)
අනුශූරතාව - තරුෂි හිමහංසිකා (නුගේගොඩ මහමායා විදුහල)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.