Last Update  :  2026-01-28 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් සමාජ රග්බි සුපිරි වටය ඇරඹේ

අන්තර් සමාජ රග්බි සුපිරි වටය ඇරඹේ

editorial - 2026 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 
 
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ රග්බි ලීගයේ සුපිරි වටයේ තරග ආරම්භ කරමින් කණ්ඩායම් 4 ක් එළබෙන සෙනසුරාදා (31 වැනිදා) පස්වරු 3.45 ට කොළඹ හැව්ලෝක්ස් ක්‍රීඩාංගණයේදී සහ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී තරග බිමට අවතීර්ණ වනු ඇත. 
 
හැව්ලෝක්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය කුසලාන ශූරතාව යටතේ තරග වදින අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී නාවික හමුදාවට එරෙහිව ගුවන් හමුදාව පළඟ ශූරතාව යටතේ තරග වදිනු ඇත. 
 
මූලික වටයේ පැවැති තරගවලදී හැව්ලොක්ස් කණ්ඩායම පරාජය කිරීමට සී.ආර්. කණ්ඩායම සමත් වූ අතර නාවික හමුදාව පරාජය කිරීමට ගුවන් හමුදාව සමත් විය. මේ වන විට සී.ආර්. කණ්ඩායම ලකුණු 42 ක් ලබා කුසලාන ශූරතාව සඳහාද, ගුවන් හමුදාව ලකුණු 25 ක් ලබා පළඟ ශූරතාව සඳහාද පෙරමුණේ පසුවෙයි. 
 
සුපිරි වටයේ තවත් තරග 2 ක් එළබෙන ඉරිදා (1 වැනිදා) පැවැත්වෙන අතර එහිදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජය කුසලාන ශූරතාව යටතේ කොළඹ තුරඟ තරග පිටියේදීද, යුද හමුදාවට එරෙහිව පොලිසිය පළඟ ශූරතාව යටතේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදීද තරග බිමට පිවිසෙනු ඇත. 
 
මූලික වටයේදී පැවැති තරගවලදී සී.එච්. කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවැති තරගය සමව අවසන් වූ අතර යුද හමුදාව පරාජය කිරීමට පොලිසිය සමත් විය. මේ වන විට මහනුවර කණ්ඩායම ලකුණු 41 ක් ලබා කුසලාන ශූරතාව සඳහාද, පොලිසිය ලකුණු 17 ක් ලබා පළඟ ශූරතාව සඳහාද දෙවැනි ස්ථානවල පසුවෙයි. 
 
 
සුපිරි වටයේ පළමු සතියේ තරග 
කුසලාන ශූරතාව 
ජන. 31 - හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර කොළඹ හැව්ලෝක්ස් ක්‍රීඩාංගණයේදී 
පෙබ. 1 - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේදී  
 
පළඟ ශූරතාව 
ජන. 31 - නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී 
පෙබ. 1 - යුද හමුදාව සහ පොලිසිය අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී 

අදහස් (0)

අන්තර් සමාජ රග්බි සුපිරි වටය ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.