Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අධිවේගී මාර්ගයේ පාපැදි තරගය 22 දා

අධිවේගී මාර්ගයේ පාපැදි තරගය 22 දා

ශනුක අරවින්ද - 2013 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් ලබන අඟහරුවාදා (22) පෙරවරු 9ට එම මාර්ගයේදී පාපැදි තරගයක් පැවැත්වේ.
කිලෝ මීටර 51.6 ක් දුරැති මෙම තරගයේ ශූරයාට රුපියල් 50,000ක් පිරිනැමේ. රුපියල් 40,000, 30,000, 20,000, 10,000, 5,000 බැගින් 15 වැනි ස්ථානය දක්වා තවත් මුදල් ත්‍යාග රැසක් ද පිරිනැමේ.

සුපිරි හා වයස 23න් පහළ ශ්‍රේණිගත කළ තරගකරුවන්ට මෙම රේසින් පාපැදි සවාරියට සහභාගි විය හැකිය. පාපැදි අතුරු කමිටුවේ සහයෝගයෙන් ගම්පහ දිස්ති‍්‍රක් පාපැදි සංගමය තරගය සංවිධානය කරයි.

නව අධිවේගී මාර්ගයේ පෑලියගොඩ ප‍්‍රධාන පිවිසුම අසළින් ආරම්භ වන තරගය කටුනායක දක්වා ගොස් නැවත අධිවේගී මාර්ගය ඔස්සේම පෑලියගොඩට පැමිණීමෙන් නිමාවට පත්වේ.

මෙම පාපැදි තරගයේ විශේෂත්වය වන්නේ ඊට කී‍්‍රඩා සමාජයකින්  ඕනෑම කී‍්‍රඩකයන් ගණනක් සහභාගිවීමේ හැකියාවය. ඒ අතර මධ්‍යස්ථ ආධාරක වාහන හැරෙන්නට තරගකරුවන්ට පෞද්ගලික ආධාරක වාහන හා යතුරු පැදි තරගයට යොදා ගැනීම තහනම් වන බව ගම්පහ දිස්ති‍්‍රක් පාපැදි සංගමයේ සභාපති සුමිත්  බාලසූරිය මහතා පවසයි.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, බස්නාහිර පළාත් මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග, කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර, උපසභාපති චමිල ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තරගය සංවිධානය කෙරේ.
 


අදහස් (1)

අධිවේගී මාර්ගයේ පාපැදි තරගය 22 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.