Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අතරමැදි - ආධුනික මේසපන්දු තරග හෙට - අනිද්දා මහනුවරදී

අතරමැදි - ආධුනික මේසපන්දු තරග හෙට - අනිද්දා මහනුවරදී

editorial - 2023 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ විනිසුරුවන්ගේ කමිටුව සංවිධානය කරන සමස්ත ලංකා අතරමැදි සහ ආධුනික මේසපන්දු තරගාවලිය හෙට (29 වැනිදා) සහ අනිද්දා (30 වැනිදා) මහනුවර නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

එහිදී ප්‍රධාන වශයෙන් අතරමැදි පිරිමි කේවල, අතරමැදි කාන්තා කේවල, ආධුනික පිරිමි කේවල සහ ආධුනික කාන්තා කේවල යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ. 

ඊට අමතරව එහිදී වයස අවුරුදු 7 න් පහළ, 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩ සඳහා බාලක සහ බාලිකා කේවල තරගද පැවැත්වීමට නියමිතය. 

මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 707 දෙනෙක් ලියාපදිංචි වී සිටින අතර සෑම කාණ්ඩයකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා සහතිකපත් පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. 


අදහස් (0)

අතරමැදි - ආධුනික මේසපන්දු තරග හෙට - අනිද්දා මහනුවරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.