Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අතරමැදි බොක්සිං තරගාවලිය 21 දා දක්වා

අතරමැදි බොක්සිං තරගාවලිය 21 දා දක්වා

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ‘2014 අතරමැදි බොක්සිං තරගාවලිය’ අද (18 වැනිදා) සිට 21 වැනිදා දක්වා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලිය සඳහා වයස අවුරුදු 19 ත් 40 ත් අතර ආධුනික බොක්සිං තරගවලදී ජයග‍්‍රහණ ලැබූ මින් පෙර අතරමැදි, විවෘත හෝ වෙනත් ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි ජයග‍්‍රහණය කර නොමැති තරගකරුවන් පමණක් සහභාගී වෙති.

පිරිමි සහ කාන්තා යන දෙයංශයෙන්ම බර පංති 10 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වන අතර කාන්තා තරග විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විතවේ.

මෙහි සියලූම තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර ඔවුහු ලේටන් කුසලානය, ක්ලිෆර්ඞ් කුසලානය, ජාතික ශූරතාවලිය වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලට සහභාගී වීමටද සුදුසුකම් ලබති.

ශී‍්‍ර ලංකා ජාතික බොක්සිං සංගමයේ හිටපු ලේකම් වරයෙකු සහ ජාතික ශූරයකු වන හේමන්ත වීරසිංහ මහතා, තරගාවලියේ සමාප්ති උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවීමට නියමිතය.

 


අදහස් (1)

අතරමැදි බොක්සිං තරගාවලිය 21 දා දක්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.