Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන දිනාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය සුබපැතුම් එක්කර සිටී.
“ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනා දී එම ජයග්‍රහණය වාර්තා කළේ මාතෘ භූමියට ඉමහත් කීර්තියක් ගෙන දෙමිනි. පළමු තරඟය පරාජයේ අත්දැකීම් ගෙන ඉන්පසු සියලු තරග ජයගත්තේ ඔවුන් සතු වූ දැඩි අධිෂ්ඨානය හා ආත්ම ශක්තිය නිසා බව මාගේ හැඟීමයි. ඒ සඳහා වූ කණ්ඩායම් හැඟීම, එකමුතුකම, කැපවීම මෙම විශිෂ්ට ජයග්‍රහණය මාතෘ භූමියට අත්කර දී ඇත.
ඕනෑම දුෂ්කර අවදියක් සංයමයෙන් පසුකර පරාජය කිරීමට ශ්‍රී ලංකාවට සැමදා හැකිය. මෙම ජයග්‍රහණය මාතෘභූමියට අත්කරදුන් ක්‍රීඩකයින්ට සුභාෂිංසන එක් කරමින්, ඒ සඳහා වූ අවශ්‍ය ශක්තිය හා මගපෙන්වීම ලබාදුන් පුහුණුකරුවන්ට, කළමනාකාරීත්වයට හා පරිපාලනයට ස්තුතිය පළ කරමි." යයි අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් එවන ලද නිවේදනයේ සටහන් වී තිබිණ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.