Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස වයස 17 න් පහළ II වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම සහ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම හෙට (2 වැනිදා) මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.
හිම්සර රන්දෙණිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායමේ නායකත්වය දරන අතර අධීෂ පෙරේරා ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
කාණ්ඩ 4 ක් යටතේ පැවැති අවසන් වටයේ තරග වලදී තමන් නියෝජනය කළ කාණ්ඩය වල ශූරයන් බවට පත්වෙමින් මරදාන සහිරා විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම, කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
අර්ධ අවසන් පූර්ව වටයේදී මරදාන සහිරා විදුහල සහ ගලහිටියාව මැදි විදුහල අතරත්, කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කරන්දෙණිය මැදි විදුහල අතරත්, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම අතරත් තරග පැවැත්වේ.
ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම
හිමිසර රංදෙණිය (නායක), දිනුක රොද්‍රිගු, ලෙමිසන් ජෙරල්ඞ්, යොහාන් අරුණ, රිෂික සංතුෂ්, මයුර සමරවික්‍රම, බෙවන් ඇන්තනී, සඳරු ගමගේ, චමෙල්ක ද සිල්වා, නිරෝෂ් පෙරේරා, ශෙනාල් සුරවීර, නවීන් අබේගුණවර්ධන, මොහොමඞ් නෆාන්, කෙවින් කන්දප්පා, සයුර සිල්වා, රුවන්ජ ප්‍රනාන්දු, ශානක ප්‍රනාන්දු මහතා (පුහුණුකරු) සහ සනත් චින්තක මහතා (ක්‍රීඩා භාර ආචාර්ය්‍ය)
ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම
අධීෂ පෙරේරා (නායක), වයි. හිරුවින්ද, ජී. ලියනගේ, සී. ගුණරත්න, එම්. රණසිංහ, ඒ. ජයවර්ධන, පී. පෙරේරා, එස්. කුඩාගම, එස්. පබසර, තවිඳු පෙරේරා, එස්. සත්නිඳු, දර්ශණ ප්‍රනාන්දු, රොහාන් සොයිසා මහතා (පුහුණුකරු) සහ ප්‍රියංකර නන්දසේන (ක්‍රීඩා භාර ආචාර්ය්‍ය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.