Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news I කොටසේ කණ්ඩායම් 37 ක් එකම කාණ්ඩයක තරග වදිති

I කොටසේ කණ්ඩායම් 37 ක් එකම කාණ්ඩයක තරග වදිති

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලිය පෙර පැවැති කාණ්ඩ ක‍්‍රමය වෙනස්කර පළමු කොටසේ කණ්ඩායම් 37 එකම කාණ්ඩයක් හැටියට ආරම්භ වී තිබේ.

මීට පෙර පළමු කොටසේ කණ්ඩායම් 36 ක්, කණ්ඩායම් 9 බැගින් කාණ්ඩ හතරක් යටතේ තරග කළහ. එම ක‍්‍රමයට තරගාවලිය පැවැත්වීමෙන් තමන් වසර ගණනාවක් පවත්වූ ‘සාම්ප‍්‍රදායික’ තරග පැවැත්වීමට නොහැකි වන බවට චෝදනා කරමින් පාසල් කීපයක් පසුගිය වසරේ තරගාවලියෙන් ඉවත් විය.

මෙවර තරගාවලියේ වෙනස්කම් රැසක් කර ඇති අතර එහිදී එක පාසලකට ක‍්‍රීඩා කළ හැකි උපරිම තරග සංඛ්‍යාව 16 ක් බවට පාසල් ක‍්‍රිකට් සංගමය තීරණය කර තිබේ.

මෙම තරග 16 න් තරග 14 ක් පාසල්වල අදහස් අනුව ලබාදී ඇති අතර ඉතිරි තරග දෙක පාසල් ක‍්‍රිකට් සංගමය නිර්දේශ කර තිබේ.
තරගාවලිය පසුගිය සතියේ ආරම්භ වූ අතර පළමු අදියර නොවැම්බර් මස 25 වැනිදා අවසන් වීමට නියමිතය. එම කාලය තුළ තරග 5 ක් පවත්වා තිබිය යුතු අතර නියමිත දිනයේ තරගයක් පැවැත්වීමට නොහැකි වුවහොත් එය නැවැත පැවැත්වීමේ අවස්ථාව නොලැබේ.

අපොස සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 23 වැනිදා දක්වා විවේකයක් ලබාදී තිබේ. දෙවැනි අදියර පෙබරවාරි මස 28 වැනිදා අවසන් වීමට නියමිතය.

එක්දින තරගාවලිය මාර්තු මස 5 වැනිදා ආරම්භ වන අතර විස්සයි/20 තරගාවලිය අපේ‍්‍රල් මස අවසන් සතියේ ද පැවැත්වීමට සැළසුම්කර තිබේ.

එක්දින තරගාවලියට පළමු කොටසෙන් කණ්ඩායම් 30 ක්, දෙවැනි කොටසෙන් කණ්ඩායම් 14 ක් සහ තෙවැනි කොටසෙන් කණ්ඩායම් 4 ක් බැගින් කණ්ඩායම් 48 ක් ක‍්‍රීඩා කිරීමට නියමිතය.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසුවේ පාසල් රැුසක අදහස් සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩාවේ අනාගතය පිළිබඳව අවධානය යොමු කරමින් තරගාවලිය සැලැස්ම වෙනස් කිරීමට පියවර ලත් බවයි.

”මේක විශේෂයෙන්ම ක‍්‍රීඩකයන් පිළිබඳව අවධානය යොමුකර ගත් තීරණයක්, අපි නව නීති රීති හඳුන්වා දී තිබෙනවා. කණ්ඩායම් 37 එකම කාණ්ඩයේ ක‍්‍රීඩා කිරීම නිසා පසුගිය වසරේ ඇතිවූ ගැටලූ මෙවර ඇති වෙන එකක් නෑ’’

‘‘අපිට අවශ්‍ය ශ්‍රී ලංකාවේ අනාගත ක‍්‍රිකට් පිටියට ගැලපෙන ක‍්‍රීඩකයන් නිර්මාණය කිරීමයි. ඒ නිසා පළමු කොටසේ පාසල් 37 න් 21 කට තණතිළි පහසුකම් තියෙනවා. ඒ පිළිබඳව අවධානය යොමුකර තරග ලබා දුන්නා’’ යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

මෙවර තරගාවලියේ නව නීති රීති (පළමු කොටස)

  • කණ්ඩායම් 9 බැගින් කාණ්ඩ හතරක් යටතේ පැවැති ක‍්‍රමය වෙනස් කර කණ්ඩායම් 37 එකම කාණ්ඩයක තරග කිරීම.
  • පාසලට ක‍්‍රීඩා කළ හැකි උපරිම තරග සංඛ්‍යාව 16 කි (මහ ක‍්‍රිකට් තරගය හැර)
  • පාසල් ක‍්‍රිකට් සංගමය ලබාදී ඇති දින වෙනස් කළ නොහැකිය. (වෙනස් කරන්නේ නම් ඒ සඳහා විධායක කමිටුවේ අනුමැතිය අව්‍යශය)
  • තරගයක් අතර දින 3 ක විවේකයක් තිබිය යුතුය.
  • දෙදින තරග වන මෙහි දිනක උපරිම කාලය පැය 6 යි විනාඩි 20 ක් වන අතර උපරිම  ඕවර සංඛ්‍යාව 95 කි.
  • පළමු  ඕවර 10 අනිවාර්යෙන්ම වේග පන්දු යවන්නන් යැවිය යුතුය.

අදහස් (0)

I කොටසේ කණ්ඩායම් 37 ක් එකම කාණ්ඩයක තරග වදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.