ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය 52 වැනි වරටත් සංවිධානය කරන ජාතික පැසිපන්දු තරගාවලියේ I කාණ්ඩයේ අවසන් මහ තරග මේ මස 12 වැනිදා පස්වරු 5.00 සිට තුම්මුල්ල ගුවන් හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
I කාණ්ඩයේ මූලික වටයේ තරග රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී සහ තුම්මුල්ල ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 10 ක්ද, කාන්තා කණ්ඩායම් 8 ක්ද සහභාගි වූහ.
ග්ලෝබල් ලින්ක් සමාගමේ අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේ පිරිමි අංශය සඳහා කාණ්ඩ 3 ක් යටතේද, කාන්තා අංශය සඳහා කාණ්ඩ 2 ක් යටතේද තරග පැවැත්විණ. ඉන් ෂ කාණ්ඩයේ තරග කොළඹදීද පැවැති අතර II සහ III කාණ්ඩවල තරග පිළිවෙලින් මඩකලපුවේදී සහ මාතරදී පැවැත්විණ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.