Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 65 වැනි මැංගුස් හටන 23 – 24 – 25 මොරටුවේදී
මහ ක්‍රිකට් තරග

65 වැනි මැංගුස් හටන 23 – 24 – 25 මොරටුවේදී

editorial - 2025 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සටහන හා ඡායාරූප - කළුතර සුනිල් එස් තන්ත්‍රිආරච්චි)

කළුතර විද්‍යාලය ජාතික පාසැල හා කළුතර තිස්ස මධ්‍ය මහ විද්‍යාලය ජාතික පාසැල අතර පැවැත්වෙන " මැංගුස් හටන " නමින් විරුදාවලි ලත්  මහා ක්‍රිකට් තරගය 65 වැනි වරටත් මැයි මස 23, 24 හා 25 යන දිනවලදී මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මෙම තරගය දින 03 ක තරඟයක් ලෙස පැවැත්වෙනුයේ ඉතිහාසයේ ප්‍රථම වරටය .

"මැංගුස් හටන  " තරග ඉතිහාසය තුල කළුතර විද්‍යාලය තරග 22 ක්ද තිස්ස මධ්‍ය මහ විද්‍යාලය තරග 07 ක්ද ජයග්‍රහණය කර තිබේ. තරග 35 ක් ජය පැරදුමෙන් තොරව අවසන්වී ඇත .

කළුතර විද්‍යාලයීය කංඩායමට කෞෂිල අමෝද්‍ය නායකත්වය ලබා දෙන අතර උප නායකයා වශයෙන් නිතික  ෆොන්සේකා කටයුතු කරයි .

මෙම ක්‍රිකට් වාරයේදී ඔවුන් තරඟ 12 කට ඉදිරිපත්වී පූර්ණ ජයග්‍රහණ 04 ක්  සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 04 ක් ලබාගෙන ඇති අතර තරඟ 04 ක් පරාජයට පත්වී ඇත.

ලිවිරු සෙන්මිත් (628)  , නිතික නාධව (485), කෞෂිල අමෝද්‍ය (370) මේ පාසල් වාරයේදී පිත්තෙන් දස්කම් දැක්වූහ. අදීශ පබසර (කඩුලු 72) සහ  රදීෂ් තීක්ෂණ (කඩුලු 26) සහ හිරුෂ ගයනුක (කඩුලු 23) පන්දුවෙන්ද දස්කම් දක්වා ඇත.

කළුතර තිස්ස මධ්‍ය මහ විද්‍යාලයට අජිත් බුද්ධිල නායකත්වය ලබා දෙන අතර උප නායකයා වශයෙන් මල්ෂ කවිෂාන් කටයුතු කරයි.

මෙම ක්‍රිකට් වාරයේදී ඔවුන් තරග 12 කට ඉදිරිපත්වී ඉන් තරග 02 ක් ජයග්‍රහනය කර ඇති අතර තරග 4 ක් පරාජය වී තිබේ. තරග 02 ක් ජය පැරදුමෙන් තොරව අවසන්වී ඇත. නෙත්සර යස්මිත (510), මල්ෂ කවිශාන් (405), මලිඳු දිල්ෂාන් (297) මෙම තරග වාරයේදී පිත්තෙන් දස්කම් දැක්වූහ. හෂේන් ඉම්සර (කඩුලු  42) සහ මලිඳු දිල්ෂාන් (කඩුලු 42)පන්දුවෙන් දස්කම් දක්වා ඇත.

 

කළුතර විද්‍යාලයීය කණ්ඩායම 
හිඳගෙන  වමේ සිට දකුණට
ශීර්ෂ තාරක, ලිවිරු සෙත්මින් ,කෞෂිල අමෝද්‍ය (නායක ), ඉෂාන් රත්නායක මහතා  (ක්‍රිකට් භාර ආචාර්‍ය ), චතුරංග ලීලාරත්න මහතා (විදුහල්පති ) , යූ.ඒ. පිලීෂියා මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනි) , බුද්ධික මදුශාන්ත මහතා (පුහුණුකරු ) , නිතික නාධව ෆොන්සේකා  (උප නායක ) ,දේශාන් ආලෝක , අදීශ පබසර .
හිටගෙන වමේ සිට දකුණට 
මල්තික දුල්නෙත් , සෙනෙහස් දම්සර , යදීෂ හසරංග ,නෙතුල් නිම්සර , හිරූෂ ද සිල්වා , අචිර පෙරේරා , මෙනුත් සත්සිඳු , සවිණු ලියනගේ , විහඟ සපුමල් , කවිඳු දිනුල් , ආකේෂ් සමින්ද  සහ රදීෂ තීක්ෂණ .

 


කළුතර තිස්ස මධ්‍ය මහ විද්‍යාලයීය කණ්ඩායම 
හිඳගෙන වමේ සිට දකුණට 
මලිඳු දිල්ෂාන් , අජිත් බුද්ධිල (නායක ) , භාෂිත පෙරේරා මහතා (පුහුණුකරු ) , හේෂාන් ලක්ෂිත මහතා (පුහුණුකරු ) , ලක්ෂිත රණසිංහ මහතා (ප්‍රධාන පුහුණුකරු), ජේ.ඒ.ඩී.මලින්ද මහතා (විදුහල්පති ) , ඉරේෂා රත්නවීර මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනි) , චන්දන යසන්ත මහතා (ක්‍රීඩා භාර ආචාර්‍ය ) , සුමිදු ජයමාල් මහතා (ක්‍රිකට් භාර ආචාර්‍ය ) , මල්ෂ කවිශාන් (උප නායක ) , නඳුන් අසේල .
හිටගෙන වමේ සිට දකුණට
සිතුම් සත්මික , විශ්ව ඔෂාන් , රිනුෂ් රශ්මික , සිතුම් මිහිරංග , මින්දවි හන්සන , දිනුක කෞෂාල් , උමන්ත ආකාශ්, චමිඳු ලක්ෂාන් , දනිතු අල්විස් , එස්.ලිසෝන් , නෙත්සර යස්මිත , අශේන් ඉෂාර , සකුවි දිල්ෂාන් , අකිල ඉඳුවර , සකුවි අනුහස්  සහ තාරුක සචින්ජිත්.

 

කුසලානය සමග නායකයෝ - කෞෂිල අමෝද්‍ය සහ අජිත් බුද්ධිල 


අදහස් (0)

65 වැනි මැංගුස් හටන 23 – 24 – 25 මොරටුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.