Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 25 වසර සැමරීමට 25 දෙනකු සමග චෙස් තරග

25 වසර සැමරීමට 25 දෙනකු සමග චෙස් තරග

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දස වසරක් ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාව දිනූ සුනීතා විජේසූරිය මහත්මිය විසින්  1992 වසරේදී පිලිපීනයේ පැවති චෙස්  ඔලිම්පියාඞ් තරගාවලියේදී රන් පදක්කමක් දිනා වසර 25 ක් සැපිරීම නිමිති කරගනිමින් කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී විශේෂ ප්‍රදර්ශන චෙස් තරගාවලියක් පැවැත්විණි.

ලංකා චෙස් පදනම හා රුසියානු මධ්‍යස්ථානයේ ඇනටෝලි කාර්පෝච් චෙස් සමාජය එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේදී ෆිඬේ මාස්ටර් නිල නාමය ලබා ඇති සුනීතා විජේසූරිය මහත්මිය විසින් එකවර ක්‍රීඩක ක්‍රීඩිකාවන්  25 කට අධික සංඛ්‍යාවක් සමඟ තනිව ක්‍රීඩා කළාය.

මෙම අවස්ථාවට අරාධිත අමුත්තන් වශයෙන් කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ඇනස්ටාසියා හක්ලෝවා මහත්මිය සහ කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක  බුද්ධප්‍රිය රාමනායක මහතාද සහභාගී වූහ.

1992 වසරේදී පිලිපීනයේ පැවති මෙම 30 වැනි ලෝක චෙස් ඔලිම්පියාඞ් තරගාවලියේදී රන් පදක්කම දිනූ සුනීතා විජේසූරිය මහත්මිය එවන් දස්කමක් කළ ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩිකාව වන අතර, මෙම තරගාවලිය වසර දෙකකකට වරක් ලෝකයේ චෙස් ක්‍රීඩා කරන සියළු රටවල් සහභාගී වන ප්‍රධානතම තරගාවලිය ද මෙය වෙයි.

සුනීතා විජේසූරිය මහත්මිය සමග චෙස් ක්‍රීඩා කළ 25 දෙනා අතරට එක්වූ ඇනස්ටාසියා හක්ලෝවා මහත්මිය සිය පියවර ගත් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

 


අදහස් (0)

25 වසර සැමරීමට 25 දෙනකු සමග චෙස් තරග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.