Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 23 න් පහළ අන්තර් පළාත් තරග 11 දා සිට

23 න් පහළ අන්තර් පළාත් තරග 11 දා සිට

Nisanka Sandeepani - 2017 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 23 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය මේ මස 11 වැනි සිට අගෝස්තු මස 1 වැනිදා දක්වා පැවැත්වේ.

දෙදින තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගි වන අතර එහිදී එම කණ්ඩායම් ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ 2 ක් යටතේ තරග වැදීමට නියමිතය. 

එහිදී මධ්‍යම පළාත, වයඹ පළාත, බස්නාහිර පළාත් මධ්‍යම, නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩය යටතේද, බස්නාහිර පළාත් දකුණ, බස්නාහිර පළාත් උතුර, උතුරු පළාත, දකුණු පළාත සහ ඌව පළාත කණ්ඩායම් ‘බී’ කාණ්ඩය යටතේද තරගාවලියට සහභාගි වෙයි. 

තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 31 වැනිදා සහ අගෝස්තු මස 1 වැනිදා මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

 

-036


 


අදහස් (0)

23 න් පහළ අන්තර් පළාත් තරග 11 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.