Last Update  :  2026-01-14 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 2026 ලෝක ශූරතාවලියට ගෝන් ප්‍රී තරග 24 ක්
ෆෝමියුලා-I

2026 ලෝක ශූරතාවලියට ගෝන් ප්‍රී තරග 24 ක්

editorial - 2026 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරේ ෆෝමියුලා-I ලෝක ශූරතාවලිය සඳහා ලොව පුරා රටවල් 21 කදී පැවැත්වෙන ගෝන් ප්‍රී තරග 24 කින් ඇතුළත් කිරීමට ෆෝමියුලා තරග සංවිධායකයන් පියවර ගෙන තිබේ. මාර්තු මස 8 වැනිදා පැවැත්වෙන ඕස්ටේ්‍රලියානු ගෝන් ප්‍රී තරගයෙන් ආරම්භ වන මෙම වසරේ ෆෝමියුලා-» ලෝක ශූරතාවලිය දෙසැම්බර් මස 6 වැනිදා පැවැත්වෙන අබුඩාබි ගෝන් ප්‍රී තරගයෙන් නිමාවට පත්වීමට නියමිතය. 

මෙවර ලෝක ශූරතාවලියට ඇතුළත් ගෝන් ප්‍රී තරග 24 න් 4 ක් නොවැම්බර් මාසයේදී පැවැත්වෙන අතර තරග 3 බැගින් මාර්තු, ජුනි, ජූලි සහ සැප්තැම්බර් මාසවලදී පැවැත්වෙනු ඇත. අප්‍රේල්, මැයි සහ ඔක්තෝබර් යන මාසවලදී තරග 2 බැගින් පැවැත්වෙන අතර අගෝස්තු සහ දෙසැම්බර් මාසවලදී එක් තරගය බැගින් පැවැත්වේ. 

මෙම වසර තුළ ඇමරිකාවේදී ගෝන් ප්‍රී තරග 3 ක්ද, ස්පාඤ්ඤයේදී ගෝන් ප්‍රී තරග 2 ක්ද පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. ඕස්ටේ්‍රලියාව, චීනය, ජපානය, බහරේනය, සවුදි අරාබිය, කැනඩාව, මොනාකෝව, ඔස්ටි්‍රයාව, එංගලන්තය, බෙල්ජියම, හංගේරියාව, නෙදර්ලන්තය, ඉතාලිය, අසර්බයිජානය, සිංගප්පූරු, මෙක්සිකෝව, බ්‍රසීලය, කටාරය සහ අබුඩාබි යන රටවලදී එක් ගෝන් ප්‍රී තරගය බැගින් පැවැත්වීමට නියමිතය. 

මෙම සෑම ගෝන් ප්‍රී තරගයක්ම ඉරිදා දිනවලදී පැවැත්වෙන අතර තරගයක් පැවැත්වෙන සතියේ සිකුරාදා දිනය ක්‍රීඩකයන්ට පුහුණුවීම සඳහා වෙන්කර තිබේ. තරගයේ ආරම්භක ස්ථාන ලබාදීම වෙනුවෙන් පැවැත්වෙන කාල ගණනයන් සහ ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් සෙනසුරාදා දිනයේදී පැවැත්වීමටද සංවිධායකයන් කටයුතු යොදා තිබේ. 


ෆෝමියුලා-I කාලසටහන
1. මාර්තු 8 - ඕස්ටේ්‍රලියානු ගෝන් ප්‍රී තරගය 
2. මාර්තු 15 - චීන ගෝන් ප්‍රී තරගය
3. මාර්තු 29 - ජපන් ගෝන් ප්‍රී තරගය
4. අප්‍රේල් 12 - බහරේන් ගෝන් ප්‍රී තරගය 
5. අප්‍රේල් 19 - සවුදි අරාබි ගෝන් ප්‍රී තරගය 
6. මැයි 03 - මියාමි ගෝන් ප්‍රී තරගය (ඇමරිකාව)
7. මැයි 24 - කැනඩා ගෝන් ප්‍රී තරගය
8. ජූනි 07 - මොනාකෝ ගෝන් ප්‍රී තරගය
9. ජූනි 14 - බාර්සිලෝනා ගෝන් ප්‍රී තරගය (ස්පාඤ්ඤ)
10. ජූනි 28 - ඔස්ටි්‍රයා ගෝන් ප්‍රී තරගය
11. ජූලි 05 - මහ බි්‍රතාන්‍ය ගෝන් ප්‍රී තරගය
12. ජූලි 19 - බෙල්ජියම් ගෝන් ප්‍රී තරගය
13. ජූලි 26 - හංගේරියානු ගෝන් ප්‍රී තරගය
14. අගෝස්තු 23 - නෙදර්ලන්ත ගෝන් ප්‍රී තරගය
15. සැප්තැම්බර් 06 - ඉතාලි ගෝන් ප්‍රී තරගය
16. සැප්තැම්බර් 13 - ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගය
17. සැප්තැම්බර් 26 - අසර්බයිජාන ගෝන් ප්‍රී තරගය
18. ඔක්තෝබර් 11 - සිංගප්පූරු ගෝන් ප්‍රී තරගය
19. ඔක්තෝබර් 25 - ඇමරිකානු ගෝන් ප්‍රී තරගය 
20. නොවැම්බර් 1 - මෙක්සිකෝ ගෝන් ප්‍රී තරගය
21. නොවැම්බර් 08 - බ්‍රසීල ගෝන් ප්‍රී තරගය 
22. නොවැම්බර් 21 - ලාස් වේගාස් ගෝන් ප්‍රී තරගය (ඇමරිකාව)
23. නොවැම්බර් 29 - කටාර් ගෝන් ප්‍රී තරගය 
24. දෙසැම්බර් 06 - අබුඩාබි ගෝන් ප්‍රී තරගය 

-036


අදහස් (0)

2026 ලෝක ශූරතාවලියට ගෝන් ප්‍රී තරග 24 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.