Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 18 න් පහළ තරගාවලිය 1-4

18 න් පහළ තරගාවලිය 1-4

Nisanka Sandeepani - 2017 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් වයස අවු 18න් පහළ බාලක බාලිකා හොකී තරගාවලිය ලබන ජුලි 1 සිට 4 දක්වා මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. 

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය මෙම වසරේ ජාතික මට්ටමින් මෙහෙයවනු ලබන දෙවන තරගාවලිය මෙය වන අතර ප්‍රථම තරගාවලිය ලෙස ශ්‍රී ලංකා  පාසල් ඒකාබද්ධ තරගාවලිය පසුගිය ජුනි  දෙවැනි සතියේ කොළඹ දී පැවැත්විණ.

වයස අවු 18න් පහළ තරගාවලිය සඳහා අයදුම්පත් බාර ගැනීම මෙම ජුනි 28 දක්වා දීර්ඝ කර ඇත. 

මෙතෙක් අයදුම්පත් යොමු කර නැති පාසල් කණ්ඩායම් 28 වැනිදා පෙ.ව 10.00 ට පෙර ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ තරග කමිටු  සභාපතිවරයාට (071-7756353) හෝ සංගමයේ ලේකම්වරයාට (071-9059933) දුරකථනයෙන් සිය සහභාගිත්වය සනාථ කරන ලෙස පාසල් හොකී සංගමය ඉල්ලීමක් කරයි.


අදහස් (0)

18 න් පහළ තරගාවලිය 1-4

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.