Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘සුලෝහිත සංග‍්‍රාමය’ විසදුමකින් තොරයි

‘සුලෝහිත සංග‍්‍රාමය’ විසදුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති 85 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විස`දුමකින් තොරව අවසන් විය.

තරගයේ දෙවැනි සහ අවසන් දිනය වන අද (05) අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවන විට නාලන්දා විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටියේය.

නාලන්දා විදුහල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ මාලිංග අමරසිංහ පන්දු 155 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 90 ක් ලබා සිටියේය.


ආනන්ද විදුහල පළමු ඉනිම  ඕවර 55.3 කදී සියලූ දෙනා දැවී 170 (ලක්කන ජයසේකර 36, කුෂිල් පෙරේරා 23, සහන් ආරච්චිගේ 40, දසුන් විජේසිංහ 21, අනුත්තර මාධව 32/4, කවිදු බණ්ඩාර 19/2, ප‍්‍රමුද් හෙට්ටිවත්ත 38/2)

නාලන්දා විදුහල පළමු ඉනිම  ඕවර 72 කදී කඩුලූ 5 ට 248 (තෙනුර අමරසිංහ 62, වොෂාන්ත සිල්වා 28, ප‍්‍රමුද් හෙට්ටිවත්ත 46, මාලිංග අමරසිංහ නොදැවී 90, අංජුල මහිරමල්වඩු 59/3)

 


අදහස් (0)

‘සුලෝහිත සංග‍්‍රාමය’ විසදුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.