Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘බී’ කාණ්ඩයේ ශූරතාව ඩේවිඩ් පීරිස් ක්‍රීඩිකාවන්ට

‘බී’ කාණ්ඩයේ ශූරතාව ඩේවිඩ් පීරිස් ක්‍රීඩිකාවන්ට

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන 28 වැනි වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා ශූරතාව දිනාගැනීමට ඬේවිඞ් පීරිස් කණ්ඩායම සමත් විය.

කොළඹ ගුවන් හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති එම කාණ්ඩයේ අවසන් මහ තරගයේදී මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 46-39 ක ජයක් වාර්තා කරමින් ඬේවිඞ් පීරිස් කණ්ඩායම ශූරතාවට හිමිකම් කීවේය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 28-19 ක් ලෙස පෙරමුණ ගත් ඬේවිඞ් පීරිස් ක්‍රීඩිකාවෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 18 ක් එක්කර ගත්හ. දෙවැනි අර්ධයේදී ලකුණු 20 ක් ලබාගැනීමට මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම සමත් වුවද, පළමු අර්ධයේදී පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජයග්‍රහණය ඬේවිඞ් පීරිස් කණ්ඩායම සතුවිය.

දක්ෂ ක්‍රීඩා විලාශයක නිතර වෙමින් ලකුණු 14 ක් රැස්කළ ඬේවිඞ් පීරිස් කණ්ඩායමේ තරුෂිකා අල්විස් අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූවාය. තරගාවලිය පුරා කැපීපෙනෙන දස්කම් දැක්වූ එම කණ්ඩායමේම ප්‍රමේෂා ප්‍රනාන්දු ‘බී’ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.  


‘බී’ කාණ්ඩයේ කාන්තා අවසන් මහ තරගය
■    ඬේවිඞ් පීරිස් කණ්ඩායම විසින් ලකුණු 46-39 ක් ලෙස මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - තරුෂිකා අල්විස් (ඬේවිඞ් පීරිස් කණ්ඩායම - ලකුණු 14)
තරගාවලියේ වීරයා - ප්‍රමේෂා ප්‍රනාන්දු (ඬේවිඞ් පීරිස් කණ්ඩායම)


- 036

 


අදහස් (0)

‘බී’ කාණ්ඩයේ ශූරතාව ඩේවිඩ් පීරිස් ක්‍රීඩිකාවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.