Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොකී කණ්ඩායම් දෙකක් මැලේසියා යයි

හොකී කණ්ඩායම් දෙකක් මැලේසියා යයි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යු.එස්.එම්. මැලේසියා පීනෑං ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලිය (2013) සඳහා ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 18න් පහළ කණ්ඩායම් දෙකක් ඊයේ (23 වැනිදා) මැලේසියාව බලා පිටත්ව ගියේය. මැලේසියාවේ සේන්ස් විශ්වවිද්‍යාලය මගින් වාර්ෂිකව සංවිධානය කරන  මෙම ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලිය මෙම මස 25 දා සිට 26 වැනිදා දක්වා එම විශ්වවිද්‍යාල කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙයි.

කණ්ඩායම් භාර කළමනාකාරී ලෙස  ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමයේ සභාපතිනි සහ කොළඹ ගෝතමී බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි සෝමා මුණසිංහ මහත්මිය, කටයුතු කරන්නීය.

ඒ කණ්ඩායම මහනුවර උසස් බාලිකා විදුහලේ බොනාලි සමරකෝන් මෙහෙයවන අතර බී. කණ්ඩායම මහනුවර මහා මායා බාලිකා විද්‍යාලයේ මනීෂා මහලේකම් මෙහෙයවයි.

මෙම කණ්ඩායම්  දෙකේ පුහුණුකාරියන් ලෙස ගාල්ල ගිංතොට මහා විද්‍යාලයේ කී‍්‍රඩා උපදේශිකා ෂර්මිලා අබේධීර මහත්මිය සහ මාතලේ බණ්ඩාරපොල මහා විද්‍යාලයේ  කී‍්‍රඩා උපදේශිකා කි‍්‍රෂ්ණි සිරිවර්ධන මහත්මිය කටයුතු කරති.

ශ්‍රී ලංකා පාසල් ඒ කණ්ඩායම
මොනාලි සමරකෝන් (නායිකා) රුක්ෂලා හපුආරච්චි, ධනේෂා කාවන්දි බණ්ඩාර, උදාර රුහුණුගේ, යුරේෂිකා මධුවන්ති, සදුනී පෙරේරා, මන්දිරා චාරුණී, තාරින්දි අතුකෝරාල, නෙරුෂා වර්ණකුල, ප‍්‍රසාදිනී නුවන්තිකා, අනුත්තරා සේනාරත්න, සහ සදුනී රශ්මිකා.

ශ්‍රී ලංකා  බී කණ්ඩායම
ලවංගි මනිෂා මහලේකම් (නායිකාව) හංසනි ප‍්‍රතිභා, මොනිෂා රාජනී, මිනෝලි තත්සරණී, පුර්ණිමා චමෝදි, පවිත‍්‍රා සුභාෂනී, නායනතාරා ප‍්‍රනාන්දු, ඉක්ෂුරී රත්නවීර,  ඕෂදී පතිරණ, සයෝනාරා විනෝදනී, හසිතා විජේතුංග. සහ දේදුණු වාසනා.


අදහස් (0)

හොකී කණ්ඩායම් දෙකක් මැලේසියා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.