Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක්ස් ක්‍රීඩකයෝ පෙරළිකාර ජයක් ලබති

හැව්ලොක්ස් ක්‍රීඩකයෝ පෙරළිකාර ජයක් ලබති

editorial - 2026 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ කුසලාන වටය යටතේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර සෙනසුරාදා (31 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 28-14 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී හැව්ලොක්ස් කණ්ඩායම ලැබූ හයවැනි ජය මෙය විය. 

හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 14-14 ක් ලෙස දෙපිලම සම තත්වයේ පසුවිය. එහිදී කණ්ඩායම් දෙකම ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 බැගින් වාර්තා කරමිනි. දෙවැනි අර්ධයේදී හැව්ලොක්ස් කණ්ඩායම තවත් ගෝල දිනුම් 2 ක් මගින් සිය ලකුණු සංඛ්‍යාවට ලකුණු 14 ක් එක්කර ගනිද්දී සී.ආර්. කණ්ඩායමට එකදු ලකුණක් හෝ ලබාගැනීමට නොහැකි විය. 

හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිෆාන්, අබ්දුල්ලා ෆායිස්, ජනිඳු ප්‍රනාන්දු සහ විදෙස් ක්‍රීඩක අමිතුවනායි විසේසියෝ උත්සාහක දිනුම් වාර්තා කළ අතර එම උත්සාහ දිනුම් 4 හිම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ සැමුවෙල් මධුවන්ත විසිනි. සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් පෙරේරා සහ විදෙස් ක්‍රීඩක එන්සායි වන්ගනිසාවු උත්සාහක දිනුම් වාර්තා කළ අතර මුර්ෆීඩ් දොරේ සහ චතුර සෙනෙවිරත්න පිළිවෙළින් එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථන සාර්ථක කරගත්හ. 

 


අදහස් (0)

හැව්ලොක්ස් ක්‍රීඩකයෝ පෙරළිකාර ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.