Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හය දෙනෙක් බැංකොක් යති

හය දෙනෙක් බැංකොක් යති

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු වයස 14 න් පහළ සංවර්ධන කුසලාන II වැනි කාණ්ඩයේ ටෙනිස් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම තරගාවලිය අද (8 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබූ අතර ලබන 21 වැනිදා දක්වා බැංකොක්හි ආසියානු පුහුණු මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, භූතානය, දකුණු කොරියාව, මාලදිවයින, ලාඕසය, පාකිස්තානය, මොංගෝලියාව, සිංගප්පූරුව, මොස්කව්, මියන්මාරය, කාම්බෝජය, මැලේසියාව, නේපාලය, තජිකිස්තානය සහ තුර්ක්මේනිස්තානය යන රටවල් 15 ද මෙම තරගාවලියට සහභාගි වෙයි.

පහිරාතන් තර්මකුලරාජා මහතා මෙම තරගාවලියේදී පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෙස කටයුතු කරයි.


බාලක කණ්ඩායම -
ප්‍රසංජිත් කන්නංගර, චාතුර්ය නිලවීර සහ නේලක දිසානායක

බාලිකා කණ්ඩායම -
අංජලිකා කුරේරා, ඕෂිනි හේරත් සහ නෙයාරා වීරවංශ

 


අදහස් (0)

හය දෙනෙක් බැංකොක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.