Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර කඳානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 62 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
තෂික් පෙරේරා (නොදැවී 60) සහ තරුෂ ප‍්‍රනාන්දු (64) ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ නමුක්ෂ ද සිල්වා ලකුණු 48 කට කඩුලූ 8 ක් දවාගත්තේය.
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 32.2 කදී සියලූ දෙනා දැවී 139
(තෂික් පෙරේරා නොදැවී 60, අෂේර් වර්ණකුලසූරිය 32, මලින්ත පීරිස් 23, දිනෙත් ප‍්‍රනාන්දු 20/6, මිතිල ගීත් 51/2)
ද මැසිනොද් විදුහල පළමු ඉනිම - ඕවර 31 කදී සියලූ දෙනා දැවී 120
(මිතිල ගීත් නොදැවී 39, නමුක්ෂ ද සිල්වා 42/8)
ශාන්ත සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී 194
(තරුෂ ප‍්‍රනාන්දු 64, නුවනිඳු ප‍්‍රනාන්දු 38, දේෂාන් ප‍්‍රනාන්දු 28/6)
ද මැසිනොද් විදුහල දෙවැනි ඉනිම - ඕවර 35.2 කදී සියලූ දෙනා දැවී 151
(නිෂේල පෙරේරා 35, රෝෂිත සෙනෙවිරත්න 27, විනුජ රණසිංහ 55/6)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.