ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාලයීය කී‍්‍රඩා ක්ෂේත්රය වෙනුවෙන් දශක තුනකට ආසන්න කාලයක් පුරා කරන ලද සේවය ඇගයීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන උපදේශක සෙනරත් අල්විස් මහතාට පසුගියදා විශේෂ සම්මානයක් ප්රදානය කෙරිණ. ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාලයීය කී‍්‍රඩා සංගමය විසින් සංවිධායක කරන ලද වාර්ෂික වර්ණ ප්රදානෝත්සවයේදී සෙනරත් අල්විස් මහතාට මෙම සම්මානය පිරිනැමිණ.
මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් කී‍්‍රඩා පිටියට පිවිසි සෙනරත් අල්විස් පාසල් සමයේදීම කී‍්‍රඩා වාර්තා රැසකට දායක වී තිබේ. වර්ෂ 1970 දී පන්නිපිටිය ධර්මපාල විදුහලට එරෙහිව පැවැති කි‍්‍රකට් තරගයකදී, ජනක බණ්ඩාර තෙන්නකෝන් (වත්මන් ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 257 ක වාර්තාගත සම්බන්ධතාවක් පිහිටවූ සෙනරත් අල්විස් 1974 දී කී‍්‍රඩා නිලධාරියකු වශයෙන් කී‍්‍රඩා අමාත්‍යංශයට එක්වීමෙන් පසුව දශක හතරකට ආසන්න කාලයක් කී‍්‍රඩා පරිපාලනය සමග අත්වැල් බැඳගෙන සිටී.
1975 සිටම කි‍්‍රකට් පරිපාලනයට සම්බන්ධවූ හෙතෙම 1990 සිට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ විවිධ කමිටු වල සාමාජිකත්වය දරා ඇති අතර අවස්ථා ගණනාවකදීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේද සාමාජිකයකු ලෙසින් කටයුතු කර තිබේ.
එම කාලයේදී ශී‍්‍ර ලංකා රග්බි පාපන්දු සංගමයේත් විධායක කමිටු සාමාජිකයකු ලෙසින්ද කටයුතු කළ අල්විස් මහතා අවස්ථා තුනකදීම ශී‍්‍ර ලංකා 20 න් පහළ රග්බි කණ්ඩායමේ කළමණාකරු වශයෙන් විදේශ සංචාර සඳහාත් සහභාගි වී තිබේ.
රග්බි පාපන්දු කී‍්‍රඩාවේ නීති රීති සිංහල භාෂාවෙන් සම්පාදනය කරමින් 1989 දී ග්‍රන්ථයක්ද නිකුත් කළ අල්විස් මහතා සිංහල භාෂාවෙන් විස්තර කථනයේ යෙදුණු, ශී‍්‍ර ලංකාවේ පළමුවැනි රග්බි විස්තර විචාරකයා ලෙසස පිළිගැනේ.
සර්බියාවේ බෙල්ගේඞ් නුවරදී පැවැති ලෝක විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ ප්‍රධාන නිලධාරියා වශයෙන්ද කටයුතු කළ සෙනරත් අල්විස් මහතා ජ්‍යෙෂ්ඨ ශාරීරික අධ්‍යාපන උපදේශකවරයකු වශයෙන් මේ වන විටත් විශ්ව විද්‍යාලයීය කී‍්‍රඩා ක්ෂේත්රය සමග සම්බන්ධව සිටී.
විශ්ව විද්‍යාලයීය වර්ණ ප්රදානෝත්සවයේදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා විසින් විශේෂ සම්මානය සෙනරත් අල්විස් මහතාට පිරිනමල ලද අවස්ථාව.. ශී‍්‍ර ලංකා ජාතික මලල කී‍්‍රඩා පුහුණුකරු වශයෙන් වසර ගනණාවක් සේවය කළ ප්‍රවීන මලල කී‍්‍රඩා පුහුණුකරුවකු මෙන්ම අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කී‍්‍රඩා හා සංවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක සුනිල් ගුණවර්ධන මහතාද ඡයාරූපයේ සිටී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.