Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුහද ක්‍රිකට් තරග මැයි 27දා

සුහද ක්‍රිකට් තරග මැයි 27දා

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සිය සාමාජිකයන් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා සිවුවැනි වරටත් සංවිධානය කරන සය සාමාජික සුහද ක්‍රිකට් තරගාවලියක් මැයි මස 27 වැනිදා පැවැත්වීමට නියමිතය.  

ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම ‘එස්. එල්. එෆ්. පී. ඒ.’ අභියෝග්‍යතා කුසලාන තරගාවලියේදී ශූරතාව සහ අනු ශූරතාවට අමතරව තරගාවලියේ වීරයා සහ වීරවරිය සඳහාද කුසලාන ප්‍රදානය කෙරේ.

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ සාමාජික ආයතනයන්හි සේවයේ නියුතු මහත්ම මහත්මීන්ට මෙන්ම ආහාරපාන හා බැඳුණු සියලු දේශීය කර්මාන්ත ආයතනයන් හා ව්‍යාපාරයන්හි සේවක සේවිකාවන්ටද සහභාගී විය හැකි ආකාරයෙන් මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.

තරගාවලියට සඳහා අයඳුම්පත් හා ඇතුළත් වීමේ ගාස්තු අප්‍රේල් මස 28 වැනිදාට පෙර අංක 1, 1/1, ඇන්ඩර්සන් පාර, කොළඹ 05 යන ලිපිනයට යොමුකළ යුතු අතර තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 011-7548770 යන දුරකතන අංකය ඔස්සේ ලබාගත හැකිය.


- 036

 


අදහස් (0)

සුහද ක්‍රිකට් තරග මැයි 27දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.