ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කී‍්‍රඩා අංශය, සී/ස සැම්සන් සහ පුත‍්‍ර (පුද්ගලික) සමාගමේ පූර්ණ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන 2013 ඞී.එස්.අයි. සුපර් ස්පොට්ස් පාසල් වොලිබෝල් තරගමාලාවේ ජාතික මට්ටමේ තරග මේ මස 24, 25 යන දිනවලදී රුවන්වැල්ල ජාතික පාසල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
දිස්ති‍්‍රක් හා පළාත් මට්ටමින් මෙම තරගමාලාවේ මූලික වටයේ තරග පැවැත්වුණු අතර, පළාත් තරගවල ශූරතාවය හා අනුශූරතාවය ලබාගත් කණ්ඩායම් 54 ක් මෙම ජාතික මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලබා ඇත.
ජාතික මට්ටමේ තරගමාලාවේ සමාරම්භක උත්සවය හෙට (ඔක්තෝබර් මස 24) පෙරවරු 9.00 ට රුවන්වැල්ල ජාතික පාසල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, එම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මහතා සහභාගී වේ.
මෙම තරගමාලාව ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරනු ලබන 2014 වසරේ 10 වන ආසියානු (බාලක/බාලිකා) තරගමාලාව සඳහා සහභාගීවීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම් සඳහා කී‍්‍රඩක/ කී‍්‍රඩිකාවන් තෝරාගැනීමේ තරගාවලියක් වශයෙන්ද යොදාගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.