Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.ඩී.බී. පිල ‘ඩී’ කාණ්ඩයේ ශූරතාව දිනයි

සී.ඩී.බී. පිල ‘ඩී’ කාණ්ඩයේ ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන 28 වැනි වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඩී’ කාණ්ඩායේ ශූරතාව දිනාගැනීමට සී.ඩී.බී. කණ්ඩායම සමත් විය.

කොළඹ ගුවන් හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති එම කාණ්ඩයේ අවසන් මහ තරගයේදී ඬේවිඞ් පීරිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 88-71 ක තියුණු ජයක් වාර්තා කරමින් සී.ඩී.බී. කණ්ඩායම ශූරතාවට හිමිකම් කීවේය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 38-27 ක් ලෙස පෙරමුණ ගැනීමට ඬේවිඞ් පීරිස් ක්‍රීඩකයෝ සමත් වුවත් දෙවැනි අර්ධයේදී ලකුණු 61 ක් රැස්කළ සී.ඩී.බී. ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්තේය. ඬේවිඞ් පීරිස් කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 33 ක් පමණි.

දක්ෂ ක්‍රීඩා විලාශයක නිතර වෙමින් ලකුණු 18 ක් රැස්කළ සී.ඩී.බී. කණ්ඩායමේ සඳුන් ජයනාත් අවසන් මහ තරගයේ වීරයා බවට පත් විය. තරගාවලිය පුරා කැපීපෙනෙන දස්කම් දැක්වූ එම කණ්ඩායමේම ලක්ෂිත ෆොන්සේකා ‘ඩී’ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.


‘ඩී’ කාණ්ඩයේ අවසන් මහ තරගය
■    සී.ඩී.බී. කණ්ඩායම විසින් ලකුණු 88-71 ක් ලෙස ඬේවිඞ් පීරිස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - සඳුන් ජයනාත් (සී.ඩී.බී. කණ්ඩායම - ලකුණු 15)
තරගාවලියේ වීරයා - ලක්ෂිත ෆොන්සේකා (සී.ඩී.බී. කණ්ඩායම)


-036

 


අදහස් (0)

සී.ඩී.බී. පිල ‘ඩී’ කාණ්ඩයේ ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.