Last Update  :  2026-01-16 18:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිහස්වින් සේජිතගෙන් ද්විත්ව ශතකයක් - කඩුලු 12 ක්
13 න් පහළ ක්‍රිකට්

සිහස්වින් සේජිතගෙන් ද්විත්ව ශතකයක් - කඩුලු 12 ක්

editorial - 2026 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී නොදැවී ද්විත්ව ශතකයක් ලබාගැනීමට මාතර ඉල්මා විද්‍යාලයේ සිහස්වින් සේජිත සමත්විය.

වැලිගම සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයීය ‘බී’ කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයේද තුන් ඉරියව් දස්කම් දැක්වීමට ද ඔහු සමත් වූයේය. 

දකුණත් ආරම්භක පිතිකරුවකු වන සිහස්වින් සේජිත පන්දු 128 කදී හතරේ පහර 35 ක් සමඟින් නොදැවී ලකුණු 207 ක් රැස් කළේය. සිහස්වින් සහ හෆීස් අහමඩ් (52) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 213 ක සම්බන්ධතාවයක් පැවැත්වීම ද කැපී පෙනිනි. දකුණත් පා දඟ පන්දු යවන්නකු වන සිහස්වින් ඉනිම දෙකේදීම කඩුලු 12 ක් දවාලීමට ද සමත්විය. සිහස්වින් පළමු ඉනිමේදී ලකුණු 07 කට කඩුලු 8 ක් දවාලූ අතර, දෙවැනි ඉනිමේදී එක ලකුණකට කඩුලු 4 ක් දවාලීය. 

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී මාතර ඉල්මා විද්‍යාලය විසින් වැලිගම සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයීය ‘බී’ කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 270 කින් පරාජය කරන ලදි. 


මාතර ඉල්මා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 33 කදී කඩුලු 1 ට- 314 යි
(සිහස්වින් සේජිත නොදැවී 207, හෆීස් අහමඩ් 52)

වැලිගම සිද්ධාර්ථ ම.ම. විද්‍යාලය ‘බී’ කණ්ඩායම - පළමු ඉනිම සියලු දෙනා දැවී 34 යි
(සිහස්වින් සේජිත 07/8) 

වැලිගම සිද්ධාර්ථ ම.ම. විද්‍යාලය ‘බී’ කණ්ඩායම - දෙවැනි ඉනිම -ඕවර 8.2 කදී සියලු දෙනා දැවී 10 යි 
(සිහස්වින් සේජිත් 1/04)

 

හෆීස් අහමඩ්

 


සිහස්වින් සේජිත් 


අදහස් (0)

සිහස්වින් සේජිතගෙන් ද්විත්ව ශතකයක් - කඩුලු 12 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.