අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කොළඹ සහිරා විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර ඊයේ සහ අද (23-24) මරදානේදී පැවති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට සහිරා විදුහල සමත්විය. තරගය ජය පරාජයෙන් තොරවූ නමුත් මෙම තරගයේදී වාර්තාවූ සම්පූර්ණ ශතක සංඛ්‍යාව 4 කි.
එහිදී සහිරා විදුහල් කණ්ඩායමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 219 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මොහොමඞ් ඉන්ෆාස් සහ ශෙහාන් විජේසිංහ පිළිවෙළින් ලකුණු 154 ක් සහ 106 ක් බැගින් රැස්කිරීමට සමත්වූහ.
ඔවුන් දෙදෙනාට අමතරව ඩිල්ෂාන් ද සොයිසා රේවත විදුහලේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 128 ක්ද, නිෂ්කි අහමඞ් සහිරා විදුහලේ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 125 ක්ද රැස්කිරීමට සමත්වූහ.
සහිරා විදුහල - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලූ 6 කට 351
(මොහොමඞ් ඉන්ෆාස් 154, ශෙහාන් විජේසිංහ 106, අර්ෂාඞ් ඉමමුදීන් 33, තුවාන් සෆ්රාන් නොදැවී 22, දේෂාන් මුතුමාල් 68/2, අවිෂ්ක දිල්ෂාන් 85/2)
රේවත විදුහල - පළමු ඉනිම - ඕවර 77.2 කදී සියලූදෙනා දැවී 278
(සුරේෂ් කුමාර 77, ඩිල්ෂාන් ද සොයිසා නොදැවී 128, රම්සාන් රෆයිඞීන් 95/7, මෙහොමඞ් ශෙහාන් 75/2)
සහිරා විදුහල - දෙවැනි ඉනිම - ඕවර 27 කදී කඩුලූ 2 කට 201
(මොහොමඞ් ඉන්හාෆ් 41, නිෂ්කි අහමඞ් නොදැවී 125)
රේවත විදුහල - දෙවැනි ඉනිම - ඕවර 28.2 කදී කඩුලූ 6 කට 115
(සුරේෂ් කුමාර 88, රම්සාන් රෆයිඞීන් 51/3, සල්මන් ෆසීල් 10/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.