මහනාම විදුහල සහ මොරටු විද්‍යලය අතර බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගනයේදී පැවති අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය.
කාසියේ වාසිය දිනාගත් මොරටු විද්‍යලය මුලින්ම පන්දු යැවීම තෝරාගත් අතර දකුණත් පිතිකරු සහන් පිරීස් පන්දු 202 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 143 ක් ලබා ගනිමින් ගිහාන් සංජීව සමගින් 3 වන කඩුල්ල සදහා ගොඩනැගුනු ලකුණු 184 ක සම්බන්ධතාවය නිසා මහනාම විද්‍යලයට විශාල ලකුණු සංඛ්‍යවක් කරා යාමට හැකිවිය.
දකුණතින් මදවේග පන්දු යවන මහානාම නායක නයන ප‍්‍රභාත් ලකුණු 26 කට කඩුලූ 5 ක් සහ සුබුද්ධි කෞෂල්‍ය ලකුණු 30 කට කඩුලූ 4 ක් ලබා ගනිමින් මොරටු විද්‍යාලයීය පිතිකරුවන් අසරණ කිරීමට සමත්විය.
මහනාම විදුහල පළමු ඉනිම ඕවර 80 කදී කඩුලූ 6 ක් දැවී 315
(සහන් පිරීස් 143, ගිහාන් සංජීව 89, කලිදු ලක්ෂාන් 33, තනුල වික‍්‍රමසිංහ 15, සමින්ද මදුරංග 23/2)
මොරටු විද්‍යලය පළමු ඉනිම ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 97
(සිනෙත් ඉසුරු 32, ශානුක මදුෂාන් 16, නයන ප‍්‍රභාත් 26/5, සුබුද්ධි කෞෂල්‍ය 30/4)
මොරටු විද්‍යලය දෙවන ඉනිම ඕවර 65 කදී කඩුලූ 8 ක් දැවී 243
(ශානුක මදුෂාන් 91, සමින්ද මදුරංග 35, පැතුම් මධුර නොදැවී 24, සිනෙත් චම්පක 23, හර්ෂ ප‍්‍රනාන්දු 18, මිලින්ද අබේසූරිය 30/2, ගිහාන් සංජීව 51/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.