Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සම්පත් බැංකුවට ලකුණු 40 ක ජයක්

සම්පත් බැංකුවට ලකුණු 40 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ ඊයේ (30) පැවැති තරගයේදී සෙලාන් බැංකු පිල පරදවා ඩක්වත් ලූවිස් න්‍යය අනුව ලකුණු 40 කින් ජයගැනීමට සම්පත් බැංකු පිලට හැකි විය. තරගය තර්ස්ටන් විද්‍යලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
 

සෙලාන් බැංකු කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට සම්පත් බැංකු කණ්ඩායමට ආරාධනා කළ අතර  ඕවර 50 අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 307 රැුස් කිරීමට ඔවුන් සමත්වු විය. දිල්හාර ලොකුහෙට්ටිගේ (57) සහ දසුන් ශානක (52) අර්ධ ශතක ලබා ගැනීමට සමත්විය.
 

ලකුණු 308 ක ඉලක්කයක් හඹා ගිය සෙලාන් බැංකු කණ්ඩායම අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතරකරන විට  ඕවර 31 කට කඩුලූ 6 ක් දැවී ලකුණු 185 ක් රැස් කරගෙන සිටියද ඩක්වත් ලූවිස් න්‍යය අනුව ලකුණු 40 කින් තරග ජය හිමි වූයේ සම්පත් බැංකු පිලටය. ඉයන් ඩැනියල් (60) අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුහ.
 

තුන් ඉරියව් ක‍්‍රීඩකයක් වන දිල්හාර ලොකුහෙට්ටිගේ ලකුණු 42 කට කඩුලූ 4 ක් දවා ගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

සම්පත් බැංකුව  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 307
(දිල්හාර ලොකුහෙට්ටිගේ 57, දසුන් ශානක 52, තිළිණ කණ්ඩම්බි 46, ජීවන් මෙන්ඩිස් 41, චරිත් ජයම්පති 68/4,  
නුවන් කුලසේකර 48/3)

සෙලාන් බැංකුව  ඕවර 31 කදී කඩුලූ 6 ක් දැවී 185
(ඉයන් ඩැනියල් 60, හර්ෂ විතාන 33, කාංචන ගුණවර්ධන 30, දිල්හාර ලොකුහෙට්ටිගේ 42/4)


අදහස් (0)

සම්පත් බැංකුවට ලකුණු 40 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.