ශ්‍රී ලංකා වෙළෙඳ සේවා ටෙනිස් සංගමය සංවිධානය කළ වෙළෙඳ සේවා ටෙනිස් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ලකුණු 173 ක් ලබාගත් මාස් හෝල්ඩිංග්ස් සමාගම සමත් විය.
තරගාවලියේ අනු ශූරතාව ලකුණු 42 ක් ලබාගත් ඩී. එෆ්. සී. සී. බැංකුවට හිමි වූ අතර ලකුණු 33.5 ක් ලබාගත් ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකුව තෙවැනි ස්ථානයට පත්විය.
පළමු කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට ජේ. එල්. මොරිසන්ස් සමාගමේ අහමඞ් ශකිර් සමත් වූ අතර කාන්තා ශූරතාව දිනාගැනීමට පෑන් ඒෂියා බැංකුවේ රේනුකා කුරුකුලසූරිය සමත් වූවාය.
පළමු කාණ්ඩයේ පිරිමි අවසන් මහ තරගයේදී එච්. එස්. බී. සී. බැංකුවේ අශාන් ඩෙප් පරාජය කරමින් අහමඞ් ශකිර් ශූරතාව දිනාගත් අතර රේනුකා කුරුකුලසූරිය ශූරතාව දිනාගත්තේ කාන්තා අවසන් මහ තරගයේදී මාස් හෝල්ඩිංග්ස් සමාගමේ ශෙරීන් විජේසිංහ පරාජය කරමිනි.
අවසන් මහ තරගයේදී ජේ. එල්. මොරිසන්ස් සමාගමේ අහමඞ් ශකිර් සහ එච්. එස්. බී. සී. බැංකුවේ අශාන් ඩෙප් පරාජය කළ මාස් හෝල්ඩිංග්ස් සමාගමේ සොහාන් පැටි්‍රක් සහ ෂෙහාන් ගෝමස් පිරිමි යුගළ ශූරතාව දිනාගත්හ.
පෑන් ඒෂියා බැංකුවේ රේනුකා කුරුකුලසූරිය සහ ශෝ ටු ශෝ සමාගමේ ගයත්‍රි ප්‍රනාන්දු කාන්තා යුගළ ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී මාස් හෝල්ඩිංග්ස් සමාගමේ සුජානි බෝගොල්ලාගම සහ ශෙරීන් විජේසිංහ පරාජය කරමිනි.
තරගාවලියේ මිශ්‍ර යුගළ ශූරතාව දිනාගැනීමට ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකුවේ අමිත් වීරසිංහ සහ නෙස්ලේ ලංකා සමාගමේ නිලුපුල් ගුණසේකර සමත් වූ අතර මාස් හෝල්ඩිංග්ස් සමාගමේ සොහාන් පැට්‍රික් සහ ශෙරීන් විජේසිංහ අවසන් මහ තරගයේදී ඔවුන් හමුවේ පරාජයට පත් වූහ.
දෙවැනි කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට මාස් හෝල්ඩිංග්ස් සමාගමේ ශවිත් ප්‍රනාන්දු සමත් වූ අතර තෙවැනි කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට මූඩීස් ඇනලැටික්ස් සමාගමේ ඕෂද පෙරේරා සමත් විය. එම කාණ්ඩ වල අවසන් මහ තරග වලදී ශවිත් සහ ඕෂද හමුවේ පිළිවෙලින් මාස් හෝල්ඩිංග්ස් සමාගමේ යූසෆ් ෆාසිල් සහ කුනාල් අමලීන් පරාජයට පත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.