Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සන්රයිසස් නායකත්වය ධවාන්ට

සන්රයිසස් නායකත්වය ධවාන්ට

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එළැඹෙන අයි.පී.එල්. ක‍්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය සඳහා ඉන්දියානු ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් පත්කර තිබේ. ඔහුගේ උපනායකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිලේ විස්සයි:20 නායක ඩැරන් සැමි පත්කර ඇත.

ඉන්දියනු රුපියල් කෝටි තුන හමාරක් හෙවත් ඩොලර් 583,000 කට සන්රයිසස් කණ්ඩායම විසින් ධාවාන් මිලදී ගන්නා ලදි. ඉකුත් වසරේ සන්රයිසස් කණ්ඩායමේ නායකයෝ ලෙසින් කුමාර් සංගක්කාර සහ ඔස්ටේ‍්‍රලියාවේ කැමරන් වයිට් වරින් වර කටයුතු කළහ.

පසුගිය වසරේදී ෂිකර් ධාවාන් අයි.පී.එල්. තරග 10 කට ක‍්‍රීඩා කළ ලකුණු 311 ක් ලබා ගෙන ඇති අතර එහි සාමාන්‍ය 38.87 ක් ලෙස සටහන් වේ. උපනායකත්වය දරන ඩැරන් සැමි පසුගිය වසරේ තරග 10 කදී ලකුණු 174 ක් සහ කඩුලූ 8 ක් දවා ගෙන ඇත.

2014 අයි.පී.එල්. තරගාවලියේ පළමු අදියර ලබන අපේ‍්‍රල් 16 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ.
 

033

 


අදහස් (0)

සන්රයිසස් නායකත්වය ධවාන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.