සන්දේශ් - තෙනුරි ‘ස්ටැග්’ මේසපන්දු සම්මාන දිනති
‘ස්ටැග්’ කුසලාන බස්නාහිර පළාත් ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස කොළඹ ආනන්ද විදුහලේ සන්දේශ් නිස්සංකත්, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස කොළඹ විශාකා විදුහලේ තෙනුරි ගයාරාත් සම්මාන දිනාගත්හ.
දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්වීම වෙනුවෙන් සන්දේෂ් නිස්සංකට ලලිත් පි‍්‍රයන්ත අභියෝග කුසලානද, දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වීම වෙනුවෙන් තෙනුරි ගයාරාට දීපිකා රුද්‍රිගූ අභියෝග කුසලානද හිමිවිය.
තරගාවලියේ නැගී එන කී‍්‍රඩකයා බවට පත්වූ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන, බුද්ධික වලගම්පල අභියෝග කුසලාන දිනාගත් අතර නැගී එන කී‍්‍රඩිකාව බවට පත්වූ කොළඹ විශාකා විදුහලේ සහන්යා, බුද්දදාස ඉෂාරා මධුරංගි අභියෝග කුසලාන දිනාගත්තාය.
කොළඹ විජේරාම මාවතේ පිහිටි ස්ටැග් මේසපන්දු විද්‍යායතනය සංවිධානය කළ මෙම තරගාවලිය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්විණ.
තරග ප‍්‍රතිඵල (පිරිමි)
වයස 8 න් පහළ බාලක
-
සෙනුර සිල්වා (කොළඹ ඉසිපතන විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස තුමාල් අධිකාරි (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදී.
වයස 10 න් පහළ බාලක
-
තිස්ස රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස කුමුදිත ලක්ෂාන් (වරාපිටිය මැදි විදුහල) පරාජය කරන ලදී.
වයස 12 න් පහළ බාලක
-
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-0 ක් ලෙස තිස්ස රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදී.
වයස 15 න් පහළ බාලක
-
සන්දේශ් නිස්සංක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදී.
වයස 18 න් පහළ බාලක
-
සන්දේශ් නිස්සංක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ලිත්මිණ මහානාම (කොළම වෙස්ලි විදුහල) පරාජය කරන ලදී.
විවෘත පිරිමි
-
සජිත් කාවින්ද (යුද හමුදාව) විසින් තරග වට 3-2 ක් ලෙස ශානක ගනේගොඩ (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.
තරග ප‍්‍රතිඵල (කාන්තා)
වයස 8 න් පහළ බාලිකා
-
සහන්යා බුද්දදාස (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සාවිත‍්‍රි ලෝචනා (ගම්පහ සිරිකුරුස විදුහල) පරාජය කරන ලදී.
වයස 10 න් පහළ බාලිකා
-
නෙත්මි හෙට්ටිආරච්චි (ගම්පහ සිරිකුරුස විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සහන්යා බුද්දදාස (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදී.
වයස 12 න් පහළ බාලිකා
-
නතාෂා සඳවිනී (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස විලන්‍යා දුල්මිණි (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදී.
වයස 15 න් පහළ බාලිකා
-
චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස දෙව්මිණි වීරසේන (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදී.
වයස 18 න් පහළ බාලිකා
-
හංසිනි පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස තනුරි ගයාරා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදී.
විවෘත කාන්තා
-
තනුරි ගයාරා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) විසින් පරාජය කරන ලදී.