Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සචින් සිල්වා පෙරමුණ ගනී

සචින් සිල්වා පෙරමුණ ගනී

Nisanka Sandeepani - 2017 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) තෙවැනි සතිය නිමාවන විට ඡන්ද 125 ක් ලබා ගනිමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 56 කි. 
 
සචින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත්තේ ඉකුත් සතිය නිමා වන විට එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි කොළඹ ලුම්බිණි විදුහලේ කවීන් පීරිස් දෙවැනි ස්ථානයට ඇද දමමිනි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 30 ත් සමගින් කවීන් පීරිස් මේ වන විට මුලු ඡන්ද 69 ක් ලබා සිටියි. 
 
සචින්ට වඩා ඡන්ද 61 ක් පසුපසින් සිටින මහනුවර ධර්මරාජ විදුහලේ දුලාජ් බණ්ඩාර එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 18 කි. 
 
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ කළණ පෙරේරා සහ මීගමුව මාරිස්ටෙලා විදුහලේ රවිඳු ප්‍රනාන්දු පිළිවෙලන් ඡන්ද 47 ක් සහ 46 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගෙන සිටිති. 
 
පානදුර ශ්‍රී සුමංගල විදුහලේ රවීන් යසස් ඡන්ද 76 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර බාලිකා පාසල් කාණ්ඩයේ කිසිදු ක්‍රීඩිකාවක් මෙතෙක් ඡන්ද ලබාගැනීමට සමත්ව නැත. 
 
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ.
 
තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. 
 
www.dialog.lk/cricket/register යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට ලියාපදිංචි විය හැකිය.
 
තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය හරහා මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ වන නමුත් නොවැම්බර් මස 30 වැනිදා දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය හැකිය. 
 
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ.  
 
 
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 හාෂ්‍යා සෙනෙවිරත්න, 274/6, ‘කාල්ටන්’, කටුනායක 
2 ප්‍රියන්ත හේරත්, ‘ප්‍රියන්ත වාස’, පිලපිටිය, කිරිබත්කුඹුර 
3 තිලාන් එරන්ද, 118/5සී, හෝකන්දර දකුණ 
4 එම්. ඒ. මාකේවිට, 326/4ඒ, 11 වැනි වීදිය, සිරිමංගලවත්ත, පිලියන්දල 
 
-036 

අදහස් (0)

සචින් සිල්වා පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.