Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංගක්කාර ලකුණු 1000 පසුකරයි

සංගක්කාර ලකුණු 1000 පසුකරයි

ශනුක අරවින්ද - 2013 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

ශ‍්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාර මෙම වසර (2013) තුළ එක්දින ලකුණු 1000 ක් රැස්කළ පස්වැනි ක‍්‍රීඩකයා බවට පත්විය. සූරියවැව ක‍්‍රීඩාංගණයේ නවසීලන්ත පිලට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ 38 වැනි ලකුණු ලබා ගැනීමත් සමග සංගක්කාර ලකුණු 1000 සම්පූර්ණ කළේය.

මෙම තරගය ආරම්භ වන විට සංගක්කාර මේ වසර තුළදී ලකුණු 962 ක් රැස්කර තිබුණි. සංගක්කාර මේ වසර තුළ තරග 19 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක හතක් සමගින් මෙම ලකුණු 1000 වාර්තා කළේය.

මිස්බා උල් හක් (තරග 25 කදී 1119), ජෝජ් බේලි (තරග 22 කදී 1098), රෝහිත් ශර්මා (තරග 22 කදී 1071) සහ විරාට් කෝලි (තරග 28 කදී 1033) සංගක්කාරට ඉදිරියෙන් සිටිති.
 


අදහස් (5)

සංගක්කාර ලකුණු 1000 පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.